*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය අදයි! විරාමය දීර්ඝ කරන ලෙස Josep Borrell ගෙන් ඉල්ලීමක්

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාවකාලික සටන් විරාමය දීර්ඝ කරන ලෙස, යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී Josep Borrell ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගනුදෙනුවේ මූලික කොන්දේසි යටතේ, තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය අදයි .

මේ වන විට මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන්ගෙන් 12 දෙනෙකු ඊශ්‍රායලයේ කිබුට්ස් බීරි හි සිටින බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගැටුම සමථයකට පත් කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් අඛණ්ඩව පවතින බැවින්, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී මේ සතිය අගදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා නිව්යෝර්ක් වෙත යාමට නියමිත බවයි.

රැස්වීමට පෙර, ජෝර්දානය තාවකාලික සටන් විරාමය ස්ථීර කරන ලෙස ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ඊශ්‍රායලය පියවර ගැනීමේ වැදගත්කමද නැවත අවධාරණය කර ඇති බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ගාසා තීරයෙන් මුදාගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීමට ඊයේ දහස් ගණන් ජනයා දකුණු ඊශ්‍රායලයේ Hatzerim හමුදා කඳවුර අසල වීථිවල පෙළ ගැසී සිටි බවයි. සටන් විරාම ගනුදෙනුව දීර්ඝ කළහොත් තවත් ප්‍රාණ ඇපකරුවන් බොහෝ පිරිසක් නිදහස් කළ හැකි බවයි සඳහන් වන්නේ.

නිදහස් කරන සෑම ඊශ්‍රායල පුරවැසියෙකුටම, ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් තිදෙනෙකු ,කාන්තාවන් සහ බාලවයස්කරුවන් නිදහස් කරනු ඇති බවයි දැක්වෙන්නේ.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් මුදා හරින ලද සෑම 10 දෙනෙකු සඳහාම ගාසා තීරයේ සටනේ තවත් දිනයක් විරාමයක් ලබා දෙන අතර, එය දීර්ඝ කිරීමට එකඟ විය හැකි බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 සිට 40 දක්වා නිදහස් කළ හැකි බවත්, එය තාවකාලික සටන් විරාමයට අමතර දින දෙක හතරක් එකතු කළ හැකි බවත් පලස්තීන නිලධාරියෙක් BBC පුවත් සේවයට පවසා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගිවිසුම දීර්ඝ කිරීමට විවෘත බව ප්‍රකාශ කළ නමුත්, තාවකාලික සටන් විරාමයෙන් පසුව, හමාස් තුරන් කිරීමේ ඉලක්කය සමග ඊශ්‍රායලය සිය ප්‍රහාරය නැවත ආරම්භ කරන බව ද අවධාරණය කෙරේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ගාසා තීරයේ, සති කිහිපයක නොනවතින ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති වූ මානුෂීය අර්බුදය දිගටම පවතින බැවින්, විරාමය මගින් අවශ්‍ය බොහෝ ආධාර ලබා දීමට ඉඩ ලබා දී ඇති බවයි.

ලොවපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan