Sunday, December 3, 2023
spot_img

Latest Posts

වාහන පර්මිට් ඕනෑමයි – පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් යළිත් ඉල්ලීමක්

තමන්ට වාහන මිලදී ගැනීම සඳහා තීරුබදු රහිත බලපත්‍ර නිකුත් කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා වෙත යළිත් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. 

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ නියෝගයක් මත අත්හිටුවා ඇතත් තමන්ට එයින් දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි නවක මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ.

තමන් දැනට පාර්ලිමේන්තු පැමිණෙන්නේ කුලියට ලබාගත් වාහන වලින් බව ද ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත. 

කෙසේවෙතත් ඉහත කී ඉල්ලීම ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම් දී ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය අනුව වාහන බලපත්‍ර ලබාගැනීමට තවත් වසර කිහිපයක් බලාසිටීමට සිදුවනු ඇති බවකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.