සෞදි අරාබි ආර්ථික හා සැලසුම් ඇමති සහ ජනපති රනිල් අතර සාකච්ඡාවක්. සංචාරක ක්ෂේත්‍රය ගැන අවධානය

Date:

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F. Alibrahim) ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසීය.

එසේම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළේය.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපීය කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

තවද සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද අමත්‍යවරයා දැනුවත් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ...