කිසි සහයෝගයක් නෑ, බාධාකිරීම් නම් ඕනෑ තරම් – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අදාළ නිළධාරීන්ගෙන් ලැබෙන්නේ සහයෝගයක් නොව, බාධා කිරීම් පමණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විදේශගත ශ්‍රමිකයන්ට විවිධ යෝජනා ක්‍රියාත්මක කරද්දි අපිට හම්බවුණේ, ඒවට සහයෝගයක් නෙමෙයි. ඒවට හම්බවුණේ බාධා කිරීම් තමයි. අපි සමහර නිලධාරීන් එක්ක රණ්ඩු කර කර, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසන්න කටයුතු කළා. ඒ අයට නිවාස ණය ලබාදෙන්න අවශ්‍ය අයට අපි කටයුතු සුදානම් කරලා තියෙනවා. බැංකුවලට අපි යෝජනා කරලා, බැංකු එක්ක සාකච්ඡා කරලා මහ බැංකුව එක්ක කතා කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන 5ක් අඩු පොළියට ලබාදෙන්න අපි ලෑස්ති කරලා තිබුණට භාණ්ඩාගාරයටයි, මහ බැංකුවටයි, බැංකු ටිකටයි තාම බැරිවුණා අපේ ශ්‍රමිකයන්ට අඩුපොළියට ණය ටික දෙන්න. එතකොට විදේශගත ශ්‍රමිකයෝ එවපු සල්ලි ගානට ගුවන්තොටුපොළින් එනකොට ටොෆි, චොක්ලට් ටික ගේන්න වැඩි තීරුබදු සහනයක් දෙන්න කැබිනට් මණ්ඩලය මට අනුමත කරලා දුන්නේ මාස 14කට විතර ඉස්සෙල්ලා. හැබැයි ලංකායට එවපු සල්ලි ටික බලලා මෙයාට මෙච්චර දෙන්න ඕනේ කියලා සියල්ල යෝජනා කරලා, ජනාධිපතිතුමා ගැසට් එකත් ගහලා තියෙද්දි අපේ කස්ටම් එකේ අයට බැරි වුණා අපේ විදේශගත ශ්‍රමිකයන්ට සලකන්න.”

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...