සූපවේදයෙන් ලොව දිනූ ගැරී මිහිගන් දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණ ඇත. ගැරී මිහිගන් යනු ලෝක ප්‍රකට සූපවේදියකු වේ.

ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන ” මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා ” ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණ වල නියැලෙමින් අත්දැකීම් ලත් , සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළ කර ඇති කර්තෘ වරයෙකි .

ගැරී මිහිගන් මහතා එළඹෙන නොවැම්බර් 30 සහ දෙසැම්බර් 02 දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග කොළඹ සිනමන් හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් මෙරට ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින‍යන්හිදී සිනමන් හෝටලයේ දී ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන අදහස් හුවමාරු කෙරෙන වැඩසටහනක ද නිරත වීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...