ඩොලර් බිලියන 80කට වඩා වටිනා ලොව විශාලතම රන් නිධිය චීනයෙන් සොයා ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයෙන් හමුව ඇති බව වාර්තා වේ.

හුනාන් භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ, රත්‍රන් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් මෙමඟින් ලබාගත හැකි බවයි.

හුනාන් පළාත් භූ විද්‍යා ආයතනයට අනුව හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයේ සැතපුමක් පමණ ගැඹුරට ලෝහයෙන් පුරවා ඇති පාෂාණවල දිගු හා පටු රන් විවර සොයාගෙන ඇති බවත්, මෙම පාෂාණවල පමණක් රත්‍රන් ටොන් 300 ක් තිබිය හැකි අතර ගැඹුරු ස්ථරවල තවත් සංචිත තිබිය හැකි බවයි.

2023 වන විට චීනය ලෝකයේ රත්‍රන් වලින් දහයෙන් එකක් පමණ නිෂ්පාදනය කර ඇති අතර දේශීය තැන්පතු වලට අමතරව, චීනය විවිධ අප්‍රිකානු රටවල පතල් කැණීම් පවත්වාගෙන යන අතර ඒවායේ අද්විතීය භූ විද්‍යාත්මක සැකසුම් නිසා රත්‍රන් වලින් පොහොසත් ය. මේ හේතුව නිසා චීනය දැනටමත් ලෝකයේ විශාලතම රන් නිෂ්පාදකයා වන අතර රුසියාව සහ ඕස්ට්‍රේලියාව පමණක් පසුපසින් සිටී. මෙම ජාතීන් තුන එක්ව, ගෝලීය රන් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් සඳහා දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...