ඩොලර් බිලියන 80කට වඩා වටිනා ලොව විශාලතම රන් නිධිය චීනයෙන් සොයා ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයෙන් හමුව ඇති බව වාර්තා වේ.

හුනාන් භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ, රත්‍රන් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් මෙමඟින් ලබාගත හැකි බවයි.

හුනාන් පළාත් භූ විද්‍යා ආයතනයට අනුව හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයේ සැතපුමක් පමණ ගැඹුරට ලෝහයෙන් පුරවා ඇති පාෂාණවල දිගු හා පටු රන් විවර සොයාගෙන ඇති බවත්, මෙම පාෂාණවල පමණක් රත්‍රන් ටොන් 300 ක් තිබිය හැකි අතර ගැඹුරු ස්ථරවල තවත් සංචිත තිබිය හැකි බවයි.

2023 වන විට චීනය ලෝකයේ රත්‍රන් වලින් දහයෙන් එකක් පමණ නිෂ්පාදනය කර ඇති අතර දේශීය තැන්පතු වලට අමතරව, චීනය විවිධ අප්‍රිකානු රටවල පතල් කැණීම් පවත්වාගෙන යන අතර ඒවායේ අද්විතීය භූ විද්‍යාත්මක සැකසුම් නිසා රත්‍රන් වලින් පොහොසත් ය. මේ හේතුව නිසා චීනය දැනටමත් ලෝකයේ විශාලතම රන් නිෂ්පාදකයා වන අතර රුසියාව සහ ඕස්ට්‍රේලියාව පමණක් පසුපසින් සිටී. මෙම ජාතීන් තුන එක්ව, ගෝලීය රන් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් සඳහා දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...