*
Friday, November 29, 2024
spot_img

Latest Posts

පොරොන්දු වුණ ආකාරයට ආණ්ඩුව පොහොර සහනාධාරය දෙනවා. ආණ්ඩුව ගැන හිරුණිකා විශ්වාසයෙන් කතා කරයි!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ ආකාරයට රු.25000ක පොහොර සහනාධාරයක් ලබා දෙමින් සිටින අතර ඔවුන් තවත් විශාල පොරොන්දු රාශියක් ජනතාව ලබා දී තිබෙන හෙයින් ඒවාද ඉටුවනු ඇතැයි විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ගිය IMF ගිවිසුමම පවත්වාගෙන යන තත්ත්වයක සහන දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින නමුත් ජනතාව විශ්වාස කරන කණ්ඩායමකුත් වත්මන් ආණ්ඩුව සමඟ සිටින බවයි ඇය සඳහන් කරන්නේ.

වත්මන් ජනාධිපතිවරයා වෙත ඔහු ඉල්ලා සිටි බලයටත් වඩා වැඩි බලයක් ලබා දී ඇති හෙයින් ඉදිරි කටයුතු පහසුවෙන් කරගෙන යා හැකි බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

” ඔවුන් පොරොන්දු වෙච්ච පොහොර සහනාධාරය මේ අවස්ථාවේදී ලබා දෙනවා. පොහොර සහනාධාරය විදිහට රු 25,000ක් ලබා දීලා තියෙනවා. හැබැයි සමහරක් ස්ථානවලට යම් යම් නිලධාරීන්ගේ තිබෙන දුර්වලතාවයන් සහ කාර්යක්ෂම නොවීම හේතුකොට ගෙන සමහරක් ගොවි මහත්ම මහත්මීන්ට එය ලැබිල නැහැ. නිලධාරීන් කාර්යක්ෂම වෙලා ඒවා ලබාදෙයි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා. මම ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිතුමාගෙනුත්,අලුත් ආණ්ඩුවේනුත් ඔබ විසින් ලබාදුන් පොරොන්දු තව රාශියක් තිබෙනවා පොහොර සහනාධාරය ලබාදෙනවා වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකිරීම,විදුලි බිල අඩු කිරීම,ජල බිල අඩුකිරීම වැනි කාරණා බොහොමයක් ඔබ මැතිවරණ කාලයේදී ලබාදුන් පොරොන්දුවලට අයත් වෙනවා. මම විශ්වාස කරනවා ඒ කාරණාත් ඉක්මණින් ජනතාව වෙනුවෙන් ලබාදෙයි කියල. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා IMF එකත් එක්ක එකඟ වුණ ගිවිසුමම අකුරත්වක් වෙනස් නොකර වර්තමාන ජනාධිපතිතුමා විසිනුත් කරගෙන යමින් සිටිනවා. එවැනි අවස්ථාවක කොයිවිදිහටද මේ සහන ලබාදෙන්නේ කියන ගැටළුවක් එනවා. අපි විශ්වාස කරනවා ඔවුන් විශ්වාස කරන සහ ජනතාව විසින් විශ්වාස කරන කණ්ඩායමක් දැන් ඔවුන් ළඟ ඉන්නවා. ජනතාව විශාල ජනවරමක් දීලා ඔවුන්ව පත්කරගෙන තිබෙනවා. වර්තමාන පාර්ලිමේන්තුව ගත්තත් තුනෙන් දෙකේ බලයක් ජනතාව දීලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමාට ජනතාව ඉල්ලුවටත් වඩා දෙයක් දීලා තියෙනවා. ඒ නිසා ඔහුට ඉතාමත් ලේසියෙන් වැඩටික කරගෙන යන්න පුළුවන් වෙයි. අපි විපක්ෂය විදිහට හොඳ වැඩවලට සහය ලබාදෙනවා. ඒ වගේම තමයි මම හැම අවස්ථාවේදීම කියනවා වගේ ප්‍රබල විපක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ජනතාව අසාධාරණයට ලක්වෙන අවස්ථාවලදී ජනතාව වෙනුවෙන් පෙනී ඉඳල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සටන් කිරීම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ.” යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan