දීර්ඝ නඩු විභාගයකින් පසු පුද්ගලයින් 06 කට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව , 2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙන අතර, නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව, දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...