මේජර් ජෙනරාල් චන්න වීරසූරිය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට!

Date:

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඒකකය තුළ ළඟාවීමට හැකි වූ ඉහලම තනතුර හෙවත් යුධ හමුදාධිපති ධූරයට පමණක් දෙවෙනි වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර වෙත ළ ළඟාවීම සඳහා අද (29) දිනයේදී මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා සමත් විය.

1968 ජූලි 15 වන දින කොළඹ 7 මැකාති රෝහලේදී බෙන්සන් පැට්ට්‍රික් වීරසූරිය හා වීරකොන්ඩ ආරච්චි වයලා යන අයට උපත ලැබූ චන්න වීරසූරිය මහතා තම අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ කොළඹ මහානාම විද්‍යාලයෙනි. මහානාමයේ මැවුම්කරු ලෙස අප සියලු දෙනාගේ ගරුත්වයට නිතැතින් පාත්‍ර වූ කේ එන් පී ද සිල්වා විදුහල්පති තුමන්ගේ සෙවනේ නිතැතින්ම හැදූවැඩුනු ඒ මහතා පාසලේ අතිදක්ශ කැපී පෙනෙන සිසුවෙකු ලෙස සිප් සතර හැදෑරීය.

පලමු පෙළ ක්‍රිකට් කන්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙස කීර්තිමත් මහානාම ක්‍රීඩකයන් වන විපුල සිට්ටමිගේ, සුදේශ් වීරසිංහ, සුරේශ් එදිරිවීර හා ශශී ප්‍රභා පීරිස් සමග ඒ කාලයේදී සියලු ක්‍රිකට් සංග්‍රාමයන් හමුවේ තම විද්‍යාලයට ජය ගෙන එන්නට සමත් වූ ඒ මහතා, තරුණයකු ලෙස රට ජාතියට ඉටු විය යුතු පරම යුතුකම ඉටු කිරීමේ අත්‍යන්ත අභිලාශයෙන් යුතුව සිය පාසල් දිවියේ අවසානයත් සමගම 1986 ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳෙයි.

මේ වනවිට සිය යුධ හමුදා ජීවිතයේ වසර 36 ක අනුපමේය සේවයක් සම්පූර්ණ කර ඇති චන්න වීරසූරිය මහතා යුධ හමුදාව තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් මහත්මයකු හා ගරුකටයුතු නිලධාරියෙකු ලෙස බොහෝ දෙනෙකු විසින් පිළි ගනු ලබන බව සත්‍යයකි. තමා යටතේ රාජකාරී කරනු ලබන සියලු සෙබලුන්ගේ සිතැඟි මනාව අවබෝධ කරගනිමින් ඔවුන් සියලු දෙනාගේ දුක සතුට බෙදා ගැනීමට සහ ගැටළුවක දී ඊට කඩිනමින් පිළිතුරු ලබා දීමටත් කටයුතු කළ ශ්‍රේෂ්ට නිලධාරියකු ලෙස වීරසිංහ මහතා හමුදාව තුළ හඳුනා ගෙන තිබේ.

ඔහුගේ නිහඩ සේවය තුළ සැනසීම ලැබූ බොහෝ සෙබලුන් කොමිශන් නොලත් නිලධාරීන් යුධ හමුදාව තුළ ඔහුට ආශීර්වාද එක්කරන්නේ නිහඬව වූව ද අතිශය ප්‍රභල ලෙස හදවතින්ම බව සිහිපත් කළ යුතුය.

මේජර් ජෙනරල් වීරසූරිය මහතා රාජ්‍ය පරිපාලනය පිලිබදව වන පශ්තාත් උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය වෙතින් සම්පූර්ණ කර ඇති අතර, විදේශීය විශ්ව විද්‍යාල රාශියකින් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක්ම සම්පූර්ණ කර ඇත.

පසුගිය මානුශික මෙහෙයුමේදීත් ඔහුගේ කාර්‍යශීලී දායකත්වය හා අණදීම පිළිබඳව සඳහනක් එක් කළොත්, විශේෂයෙන්ම අවසන් සටනේදී ඔහුගේ දායකත්වය ප්‍රශංසනීය වේ.

අභීත මහනාමිකයකු වෙනුවෙන් තැබූ සත්‍ය වූද නිර්ව්‍යාජ වූද සුභ පැතුමක් එක් කරන අපි ඔබට, මහානාම මාතාවට හා ලංකා මාතාවට ජය පතමු!

මහානාම ආදි සිසුන් සමූහය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...