මං කවුද කියලා මගේ ක්‍රියාවෙන් දැකගන්න පුළුවන් වෙයි – වැඩබලන පොලිස්පති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අද (29) කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා එක්වූ අතර, එහිදී ඔහු කියා සිටියේ , ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න බවයි.

ඔහු එහිදී මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයනවා.

මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කාර්යයන්.

දෙවැනි ප්‍රමුඛතාව මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම. අද ගම්වල වගේම පාසල් දරුවන්ටත් මේක විශාල ගැටලුවක් වෙලා තිබෙනවා.. මේ හැමතැනම පැතිරිලා තිබෙන මත්ද්‍රව්‍ය.

ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සංවිධානාත්මක අපරාධවලින් ඇතිවෙලා තිබෙන තර්ජනය.. කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ.

මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...