සුගතදාසයට කොළ පාට දවසක්

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 30, (LNW) කොළඹ: කොළ පාටින් සංඛේතවත් වන්නේ බොහෝ විට යහපත් දේ ය.ශ්‍රී ලංකා වොලිබෝල් පිටියට දක්ෂයන් කැඳවන කොළපාට සළකුණක් ලෙස නාත්තන්ඩිය ධම්මිස්සරයට ඇත්තේ දශක ගණනක ඉතිහාසයකි.ධම්මිස්සර වර්ණය වූ කොළපාටින් කොළඹ සුගතදාසය බැබලුණු දවසක් හැටියට 2024 නොවැම්බර් විසි නව වැනි දින හැඳින්වීමේ වරදක් නැත.ඒ එදින ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ වයස් කාණ්ඩ තුනක බාලක,බාලිකා අවසන් තරග හයක් එහි පැවති අතර ඉන් පහකම ජයග්‍රාහකයින් වන්නට නාත්තණ්ඩිය ධම්මිස්සරය සමත් වූ නිසාය.

අවුරුදු 11 න් පහළ සහ 13න් පහළ බාලක බාලිකා සූරතා සියල්ල ධම්මිස්සරය සතු විය.අවුරුදු 15 න් පහළ බාලක සූරතාවයද ඉතාමත් තියුණු සටනකින් ඉනික්බිති හිමි වූයේ ධම්මිස්සට විද්‍යාලයටමය.15 න් පහළ බාලිකා තරගවල සූරතාවය පමණක් හුංගම විජයබා විද්‍යාලය,මහව විජයබා විද්‍යාලය පරාජය කර දිනා ගන්නට සමත් විය.එහිදී ද තෙවන තැන දිනා සිටින්නේ ධම්මිස්සර විද්‍යාල කණ්ඩායමය.

නොවැම්බර් 30 වන දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජය සංඛේත ප්‍රදානය සිඳුවන ඩීඑස්අයි පාසල් වොලිබෝල් 2024 තරගවෙලියේ අවුරුදු 17 න් පහළ බාලක,බාලිකා සහ අවුරුදු 19 න් පහළ බාලක,බාලිකා අවසන් තරග පැවත්වීමට නියමිතය.30 වන දාත් අවුරුදු 17 න් පහළ බාලක අවසාන තරගයේදී ධම්මිස්සර විද්‍යාලය දකින්නට හැකි අතර අවසාන තරගයේ ඔවුන්ට එරෙහි ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ නාත්තණ්ඩියේම පාසලක් වන ජනාධිපති ජාතික පාසල ය.
මේ සමඟ නොවැම්බර් 29 වන දා පැවති තරගවලට අදාළ ඡායාරූප කිහිපයක් වන අතර පැවති අවසන් තරගවල ප්‍රතිපල සමඟ ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් සහ පෞද්ගලික දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවරේද යන්න ද සටහන්වේ.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...