*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

දකුණු අප්‍රිකාව ක්‍රිකට් වලින් ලංකාව හඬවන මොහොතේ, බැඩ්මින්ටන්වලින් දකුණු අප්‍රිකාව හඬවන ලක් යුවතියන් – හසිනි සහ හසාරා

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 30, (LNW) කොළඹ: මේ මොහොත දෙස ක්‍රීඩාවට සබැඳි බොහෝ අය දකුණු අප්‍රිකාව දෙස බලන්නේ තරමක නොපහන් සිතකින්ය.ඒ දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩර්බන් හී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පත්ව ඇති අසරණ තත්ත්වය හේතුවෙන්ය.

එහෙත් කාරයකින් ගමන් කරනවානම් පැය 17 විනාඩි 30 න් යා හැකි,ඩර්බන් සිට කේප්ටවුන් දක්වා වන කිලෝ මිටර් 1635.5 ක දුරින් ශ්‍රී ලංකාවට කීර්තිය උපයා දෙමින් සිටින යුවතියෝ දෙදෙනෙක් ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සිටිති.ඒ ක්‍රිකට්වලින් නොවේය.

බැඩිමින්ටන් ක්‍රීඩාවෙන්ය.ගෙවුණු සති කිහිපය තුළ හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න යන මෙම ලාංකේය ක්‍රීඩිකාවන් දෙදෙන අප්‍රිකානු මහද්වීපයේම බැඩ්මින්ටන් ලෝලී ඇස තමන් දෙසටත්,තමන්ගේ දස්කම් හරහා ශ්‍රී ලංකාව දෙසටත් ආකර්ශණය කර ගනිමින් සිටින බව නිබොරුය.
පළමුව සැම්බියා ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ දී ඔවුහූ අනු සූරියෝ වූහ.ඒ ලොව අංක 129 කාන්තා යුගල ශ්‍රේණියේ සිටින මාල දිවයිනේ අබ්දූල් රසාක් නිවුන් සොහොයුරියන් ඉදිරියේ පරාජය වෙමින්ය.එහෙත් උගන්ඩා ජාත්‍යන්තර සූරතාවලියේදී හසිනි සහ හසාරා, මාල දිවයින නිවුන් සොහොයුරියන් පමණක් නොව ඔවුන්ටත් වඩා ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින යුගලයක් වන ලොව 72 වන තැන සිටින කාන්තා යුගලය වන ඇමී ඇකර්මන් සහ ඩෙයිඩ්රේ ලෝරන්ස් ද පරාජය කරමින් සූරතාවයට හිමිකම් කීහ.

මේ මොහොතේ හසිනි සහ හසාරා දක්ෂතා දක්වමින් සිටින්නේ දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සූරතාවලියේදී ය.එහි ද තරගවලියට අදාළ ශ්‍රේණිගත කිරීම්ව අංක එකට සිටින්නේ හසිනි සහ හසාරා උගන්ඩාවේදී පරාජයට පත් කළ දකුණු අප්‍රිකානු කාන්තා යුගලයමය.මේ වන විට හසිනි සහ හසාරා අර්ධ අවසන් පූර්ව වටයට පිවිස අවසන්ය.අවසන් 8 දෙනා අතරට පිවිසෙන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් විසින් පරාජය කරනු ලැබුවේ ලීඩිවා ගොඩ්ෆ්‍රී සහ යිවෙන් ලුඕය.ලකුණු තත්ත්වය දැක් වූණේ ලකුණු 21-11 ක් සහ 21-9 ක් ලෙසය.විනාඩි 20 ක් තුළ එම ජයග්‍රහණය සටහන් කළ හසිනි සහ හසාරා අර්ධ අවසන් පූර්ව වටයේදී හමුවන්නට නියමිතව ඇත්තේ දෙබෝරා ගොඩ්ෆ්‍රී සහ ඇන්රි ස්කූනීස් ය.
තරග කාල සටහනට අනුව හසිනි- හසාරා ඉන් ඉදිරියට යාමට නම්බොහෝ විට තරගාවලියට අදාළව අංක දෙකට සිටින යුගලය වන මොරිසස් නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන විලීනා අප්පියාහ් සහ ටියා බුර්තුන් හමුවීමට ඉඩ ඇත.ඔවුන් දෙදෙනා සිටින්නේ ලොව 183 වන තැන ය.එයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා 512 වන තැනටත් පහළ අංකයක සිටින බවය.එයට තරග කිරීමට ජාත්‍යන්තර පිටියේ ඉඩ අවම වීම මෙන්ම විරල වීම ද හේතුවක් ලෙස සිතිය හැක්කේ මේ වන විට ඔවුන් ඔවුන්ට වඩා ඉහළ ශ්‍රේණිවල සිටින්නන් බොහෝ දෙනෙක්ට පරාජය අත් කර දි ඇත් බැවින්ය.

එහෙත් අපිකානු රටවල පැවති තරගාවලි කිහිපයකට එක දිගට ඉදිරිපත් වෙමින් හසිනි සහ හසාරා වේගයෙන් ඉදිරියට පැමිණ ඇත.නොවැම්බර් 12 වන දා ශ්‍රේණිගත කිරීම්වල 519 තැන සිටි ඔවුන් එම දස්කම් සමඟ,නොවැම්බර් 19 වන විට 296 දක්වා ඉදිරියට පැමිණ ඇත.වර්ථමාන ශ්‍රේණිගත කිරිම් යෙදී තිබුණ නොවැම්බර් 26 වන දා වන විට හසිනි සහ හසාරා 225 වන තැන දක්වා ඉදිරියට පැමිණ ඇත.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan