බෙහෙත් ගෙන්වන්න බිලියන 110ක් වෙන් කරලා – සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත

Date:

ඖෂධ සැපයීමට පමණක් රුපියල් බිලියන 110ක මුදලක් 2023 වර්ෂය සඳහා අය-වැයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේය.

මේ වර්ෂයේදී ඖෂධ සැපයීමට වෙන් කර තිබුණේ රුපියල් බිලියන 73 ක මුදලක් බවත් දැනට රට තුළ පවතින ඖෂධ හිඟය ඉදිරි සති දෙක තුන තුළදී විසඳෙන බවත් ඒ මහතා පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සූම් මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන බවට තිබෙන හොඳම සාක්ෂිය වනුයේ අය වැයෙන් විශාල මුදලක් ඖෂධ සැපයීමට පමණක් වෙන් කර තිබීමය යැයි ද ඒ මහතා පැවසුවේය.

රට තුළ හිඟව තිබූ ඇතැම් ඖෂධ ඇණවුම් කිරීම සිදු කළ ද ඇණවුම් කළ ඖෂධ මෙරටට ලැබීම සඳහා මාස තුන හතරක කාලයක් ගත වන බවත් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයන්හි කිසිදු හිඟයක් නොමැති බවත් හෙතෙම පැවසීය.

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන සියලු අංශ එක්ව රටට අවශ්‍ය ඖෂධ සැපයීම සිදු කරන්නේ යැයි ද ඔහු පැවසුවේය.

රටට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයෙන් සියයට 20 ක ප්‍රමාණයක් දේශීය වශයෙන් මේ වන විට නිෂ්පාදනය කරන බවත් එය සියයට 40 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරි කාලය තුළදී රට තුළ ස්ථාපිත කරන ඖෂධ නිෂ්පාදන කලාප මඟින් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය සාර්ථක කර විදේශ විනිමය රටට ඉතිරි කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේය.

රෂිකා හෙන්නායක
2022.11.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...