පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රජයේ සේවකයින් ගැන තීරණයක්

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

“පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...