කෝච්චිය පරක්කු වුණාම ස්ටේෂන් මාස්ටර්ටයි ගුටි කන්න වෙන්නේ, ඇත්ත හේතුව රටට කියන්න – විජිත හේරත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 14 වැනි දින විවාදයට එක් වෙමින් කියා සිටියේ, දුම්රිය සේවය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නොමැති බවයි. තවද, දුම්රිය පද්ධතිය බිඳ වැටීමට බලපාන හේතු ගණනාවක් ඇති බවත් මෙම අර්බුද විසඳීය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය..

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා ,

” අද ලංකාවේ ලොකුම ප්‍රශ්නය තමයි හැම දුම්රියක්ම ප්‍රමාද වීම. කිසිදු විශ්වාසයක් මේ ගැන නැහැ. මගීන් විශාල ප්‍රමාණයක් හැමදාම රස්තියාදු වෙනවා. කාර්යාලවලට එන්න ගෙදර යන්න පරක්කු වෙනවා. දෛනිකව කෝච්චි 390ක් විතර යන්න ඕනේ. අද යන්නේ කෝච්චි ගමන් වාර තුන්සීයක් පමණයි. මිනිස්සුන්ගෙ පැත්තෙන් බනින්නෙ වෛර බැඳ ගන්නේ දුම්රිය නිලධාරීන් සේවකයන් එක්ක. කෝච්චිය පරක්කු වුණාම ස්ටේෂන් මාස්ටර්ට ගහන්නත් පනිනවා. ඇත්ත හේතුව ඔබතුමන්ලා රටට කියලා හේතුවට උත්තර හොයා ගන්න. මේ දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධානම හේතුව පරිපාලන දුබලතාවය. දෙවැනි කාරණය උපකරණ, සේවක හිඟය. හය දාහක් පමණ පුහුණු තාක්ශණික සේවකයින්ගේ පුරප්පාඩුවක් තියෙන්නෙ. ගාඩ්ලා තාක්ෂණික නිලධාරීන් රියදුරන් අඩුයි . දුම්රිය පරක්කු වීමට හේතුව තමයි පුහුණු තාක්ෂණික නිලධාරීන් උපාංග අවශ්‍ය පහසුකම් නොමැතිකම “ ලෙස ඔහු දුම්රිය ගැටළුව පිළිබඳ පැහැදිළි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...