ඔබගේ Gmail ගිණුම් ගැන දැනුවත්ද?අක්‍රීය සියළු ගිණුම් හෙට සිට මැකී යනු ඇත.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි.

පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන ලද ගිණුම් මෙසේ මැකීයන බව සඳහන් වන අතර, ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමිවන බවයි දැක්වෙන්නේ.

ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකා දැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිතයි. මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බව ද වාර්තා වේ.

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකා දමන බව Google සමාගම වැඩි දුරටත් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...