*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

Bend It Like Beckham සිනමාත්මීය ක්‍රීඩාත්මය

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): සිනමා රසිකයෙකු පාපන්දු තරගයක් නරඹන හැඟීම ද,පාපන්දු රසිකයෙක් සිනමාපටයක් නරඹන හැඟිමද දැනෙන අපූරු නිර්මාණයක් රස විදිමේ භාග්‍යය Bend It Like Beckham තුළින් අති විඳිය හැකිය.ඇත්තටම මේ අ්තැදකීම විඳිමට බල පෑ ඔත්තුව ෆෙස්බුක් මත එලා තිබුණේ සදීශා ධර්මප්‍රේමගෙ ලියවිල්ලක්.ඒකට පොළඹවන්න විශාල හේතුවක් වුණේ ඒකට ක්‍රිඩාව ගැවිලා තිබීම.ලංකාවෙ පිට්ටනිවල තියෙන්නෙ බොහෝ වෙලාවට දුක විතරක් වෙන්නෙ ඒක සතුටක් බවට ජීවිතයෙ කොටසක් බවට පත් කරගන්න සමාජිය දැණුමක් නැතිකම කියලයි මට හැඟෙන්නෙ.


ඒ නිසාම ක්‍රීඩාව ඇතුළෙ වින්දනය දැණුමක් වන සහ දැණුම වින්දනයක් වන විදිහෙ අවකාශයක් නැහැ.ලංකාවෙ ක්‍රීඩාව කියන්නෙ ඇගට බද්ධ කරන අධ්‍යාපනයක් මිස තර්කයක් ඇතුව ගොඩ නැඟෙන මානවයෙක් නිර්මාණය කරන වැඩ පිළිවෙලක තියෙන දෙයක් නෙමෙයි.ක්‍රීඩාව විශයක් වෙන්නෙ ශරීර ආමන්ත්‍රණයකින් පමණයි.එහි ක්‍රීඩාව විද්‍යාත්මකව සහ තාක්ෂණිකව කරන හැදෑරීමකට ඉඩක් නැහැ.ජෛව විද්‍යාත්මකව ක්‍රිඩාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණ නැහැ.තාක්ෂණිකව උපකරණයක් හදන හැටි ගැන අවබෝධයක් පෙළඹීමක් නැහැ.විලාසිතාවක් සඳහා සිතුවිලි හරවද්දි හිතන්න ඕනි කාරණා ගැන ඉගැන්නීමක් දකින්න නැහැ.අඩුම තරමෙ ක්‍රිඩකයෙක්ට රෙද්දක් ඇඟට දාගන්නකොට හිතන්න වෙන මූලික දැණුමවත් ළගා කරගන්න විදිහක් නැහැ.සිනමාත්මකව කලාත්මකව සහ සාහිත්‍යමය වශයෙන් ක්‍රිඩාව ස්පර්ශ කරන පිරිස අඩුයි කියන්නෙ නිර්මාණහීලිව හදවතට ආමන්ත්‍රණය කරන විදිහෙ පරිච්ඡේදයක් ඇතුළෙ ක්‍රීඩාව ඇසුරෙ වෙනස් හිතීම් එක්ක වැඩ කරන මිනිස්සුන්ට පෙළඹීමක් ඇති කරන අදහසක් ඇති වෙන්නෙම නැහැ.
මෙහෙම පද්ධතියක් ඇතුළෙ ක්‍රීඩාව හැටියට නඩත්තු වෙන ශරීරවල හැඩ ගැන වර්ණනා කරන,අහඹු ජයග්‍රහණ ලෝකයක් තරම් විශාලෙට දකින සමාජයක් පිරුණු සංස්කෘතික ක්‍රීඩා පරිසරයක් වුණානම් ප්‍රශ්න දිහා තාර්කිකව බලන්න පුළුවන්,නිර්මාණාත්මකව හිතන්න පුළුවන් මිනිස් පරපුරක් ක්‍රීඩාවට ඉතුරු කරගන්න පුළුවන් කියන සිතුවිල්ලෙ ඉන්න මට සදීශාගෙ ඔත්තුව, පිපාසයට හොඳ දිය කඩිත්තක් ගැන පාර කීමක් වුණා.


Bend It Like Beckham දුවන පැය දෙකකට ආසන්න කාලය ඇතුළෙ ඒකෙ සිනමාත්මක පෙළ ගැස්ම හරියටම තිබුණා. ඒ වගෙම පාපන්දුත් තිබුණා.වැඩේ මාර වෙන්නෙ අන්න ඒ දෙපැත්ත ගහන මැච් එකේ කියලයි මට හිතෙන්නෙ.


පාපන්දු තරගයක රිදම් එක තියාගෙන හදපු ෆිල්ම් එකක්.”


අන්තිමට නිගමනය කරන්න සිද්ධ වුණේ ඒ විදිහට.ඒත් සමහර විට මේ චිත්‍රපටය වෙන විදිහකට ඔබට දැනෙන්න පුළුවන්.චිත්‍රපටියක් විදිහට විතරක් දැනෙන්නත් පුළුවන්.මං හිතන්නෙ Bend It Like Beckham විශේෂ වන්නෙ ඒ විදිහට.


චිත්‍රපටියෙ අධ්‍යක්ෂිකාව කෙන්යාවෙ ඉපදුණ දැන් එංගලන්තයේ වාසය කරන ඉන්දීය සංස්කෘතික පවුලකට නැකම් කියන්නියක් වන චාඩා ගරින්ඩර්.ඇය මේ චිත1පටයට වස්තු විෂය හැටියට තෝරගනු ලබන්නෙ සම්ප්‍රදායික ඉන්දීය පවුල ඇතුළෙ පාපන්දු ක්‍රීඩිකාවක් වීම සඳහා මහන්සි වෙන තරුණියක්.චාඩාත් සම්ප්‍රදායික ඉන්දීය සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට නිසි තැන නොලැබීමේ පීඩනය අත් විඳින කෙනෙක්.ඇත්තටම අත් වදීමට වඩා එය දැක නොරුස්සන කෙනෙක්.ඒ නිසා මෙහි ප්‍රධාන භූමිකාව ලෙස ඇය නිර්මාණය කරන ජෙස්මින්ඩර් (ජෙස්) චරිතය ඇතුළෙ චාඩාවත් හිඳුවන්න ඇති.


ජෙස් පාපන්දු ක්‍රීඩිකාවක් හැටියට දක්ෂයි.ඒත් ඒ ක්‍රීඩා කරන්න ඇයට අදින්න වෙන කෙටි කළිසමේ ඉදලම ඇයගෙ පවුලේ සම්ප්‍රදායන් විසින් ප්‍රතික්ෂේප වෙනවා.ඉතාම තරුණ වයසෙ විවාහ විය යුතු ගෘහණිය සහ බිරිද යන පදවලින් හැඳින්වෙන කාන්තාවකට වඩා දෙයක් ඔවුන්ගේ ජිවිතවලදී කාන්තාවට හිමි ප්‍රදාන වටිනාකම විදිහට හඳුනාගෙන තිබීමේ ඛේදවාචකයට ජෙස් ද ගොඳුරු වෙනවා.


කුටුම්භය ඇතුළෙ තියෙන මේ සම්ප්‍රදායට හොරෙන් පැන පාපන්දු ක්‍රීඩා කරන ජෙස් සහ පවුලේ සිදුවීම් සහ කතා තේමාවට අදාළ ඇයගේ සහ ඇයගේ ජිවිතයට සම්බන්ධ වෙනත් අයගේ ක්‍රියාවන් සංස්කරණය වන්නේ හරියටම පාපන්දු තරගයක් විදිහටයි.පන්දුව දෙපසට දෝලනය වන ආකාරයට ඊ ළඟ තත්පරය පිළිබඳ කුහුලක් ඇති වන ආකාරයෙන් ගොඩ නඟන නාට්‍යමය ගතිය අධ්‍යක්ෂවරිය හරි පූරුවට රඳවාගෙන සිටිනවා.
ජෙස්ගේ සහෝදරියගෙ විවාහට දවසෙ ඇයට අවසාන තරගයට මුහුණ දෙන්න වෙනවා.ඒ වන විට කාන්තාවන් ක්‍රීඩා නොකළ යුතුය යන මතයෙ හිටියත් ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කරන්නෙක් වන ජෙස්ගෙ තාත්තා අහම්බෙන් මෙන් සිය දියණිය බෙහෙවින් ආදරය කරන පාපන්දුවේ රහස සොයා ගන්න ඇය ක්‍රීඩා කරන තරගයක් නරඹන්න යනවා.එහිදි ජෙස්ගේ අපූරු හපන්කම් හමුවේ ඔහු විමතියට පත්වෙනවා වගේම කැමත්තටත් පත් වෙනවා.බොහෝ වෙලාවට පියවරුන්ගේ ආදරය කියන්නෙ සැඟවුණ ගැඹුරක් ඇති දෙයක්.ඒ නිසා ජෙස්ට ඔහු තුළ ඇයගේ පාපන්දු ජිවියට ඇති වී තිබෙන ඇල්ම පෙනෙන්නේ නැහැ.නමුත් ඉතාමත් තීරණාත්මක මොහොතකදි ඔහු සිය බාල දියණිය නවන ජෙස්ට වැඩිමහල් දියණියගේ විවාහ උත්සවය පැවත්වෙන මොහොතෙ පවුලේ සියල්ලන්ට හොරෙන් ගොස් අවසන් තරගය ක්‍රිඩා කර එන්නැයි අවසර ලබා දෙනවා.


මෙතන තමයි ෆල්ම් එකේ හොදම පාපන්දු තරගය දකින්නෙ.ඒක සංස්කෘතික තරගයක්.ජෙස් සිර කර සිටින සංස්කෘතිය හරහා තරගයට ඇතුළුවීම මෙන්ම තරගය සහ විවාහෝත්සවයට වෙන වෙනම ජේදනය වන රූප රාමු පාපන්දු තරග රිද්මයේ තියාගන්න සමත් වී තිබෙනවා.ජෙස්ව හරියටම කියා ගන්න ඇයගේ මිත්‍රයා ඉදිරියේ සාරියෙන් පාපන්දු ඇඳුමට මාරුවන ජෙස් ආයෙමත් තරගය ජය ගන්නට සමත් වී සාරියෙන් ක්‍රීඩක විවේකාගාරයෙන් පිටවන විට පුහුණුකරු ජෝ සමඟ පැමිණෙන ප්‍රධානියෙක් ඇයට මෙන්ම ජෙස්ගේ සම්පතම මිතුරිය හැටියට හැලහැප්පීම් මැද සිටින ජූල්ස්ට ද ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා නොමිලේ ශිෂ්‍යත්වයක් ලැබෙයි.


ජූල්ස් ජෙස් ගේ සමීපතම මිතුරිය මෙන්ම ක්‍රීඩා සමාජයකට ඇයව සම්බන්ධ කරන්නට මුල් වන්නිය ද වෙයි.එහෙත් පුහුණුකරු ජෝ ඇයට ආදරය කිරීම ප්‍රතික්ෂේප කළ ද,ජෝ ජෙස්ව ආදරයෙන් වැළඳ ගන්නට ගන්න උත්සාහයේදී ජුල්ස් සඟවාගෙන සිටි කැමත්ත මතුව එනු පෙනෙයි.ඒ සමඟම මිතුරියන් දෙදෙනාගේ ගැටුම ද සමඟ දිවෙන පාපන්දු තරගයේදී ඔවුන් නෝක්කාඩු සිතින් වුව කණ්ඩායම වෙනුවෙන් එකිනෙකාගේ වගකීම් බෙදාගන්න ආකාරය ක්‍රීඩාවේ හැඩය සහ යුතුකම සම්බන්ධයෙන් විශිෂ්ඨයන්ගේ හැසිරීම කියා පායි.
චිත්‍රපටයේ මුල සිටම ගලායන ලෝකය සමඟ යාවත්කාලීන නොවන ඉන්දිය සංස්කෘතිය ගැන විවේචනයක් සහ විරෝධයක් නැඟෙන්නට හරින අධ්‍යක්ෂවරිය ජුල්ස්ගේ මව ඇය සහ ජෙස් අතර ඇති මිත්‍රත්වයේ ගැඹුර සැකසෙන්නේ සම ලිංගික සබඳතාවයක් නිසා බවට පුරෝකතනය කිරීමෙන් සමස්ත ලෝකයේම මිනිස්සු ඕනෑම සංස්කෘතික පරිසරයක් ඇතුළේ අසංවර්ධිත මනසික් සිටිය හැකි බවට මතු කරන කාරණය සමහර විට චාඩා ඉන්දියානු සංස්කෘතිය මත වැටෙන කුණු ප්‍රමාණයේ බර අඩු කරන්නට ගත් රූපමය උපක්‍රමයක් වන්නට ඉඩ තිබෙනවා.


ඉතාම සීරු මාරුවට සරල වන තරමටම සංකීරණව සමාජ සංස්කෘතීන් දෙකක් අතර ගැටුම මතුපිටින් පෙනෙන පාපන්දුවේ ගැටුමේ රිද්මයට සමාන රිද්මයකින් තරග දෙකක් ලෙස ගලා යන්නට මේ සිනමා පටය තුළ කරන සැකසීම සාර්ථක වන්නට එහි නළු නිළියන් රඟ නොපෑමෙන් කරන දායකත්වය ඉහළින්ම දැනෙනවා.රග නොපා චරිත ජීවත් කරන අය අතරේ ප්‍රධාන භූමිකාව වන ජෙස්ගේ චරිකයට උර දෙන පාම්න්දර් නාග්රා දක්වන සංයමය ඉහළින්ම අගය කළ යුතු වෙනවා.ක්‍රීඩිකාවකෙගේ හැසිරීම තුළ තියෙන නිදහස්,කෙළිලොල් හැසිරීම සමඟ ඇය සිය චරිකය නැවත ඉන්දියානු පවුල ඇතුළේ දිය කර හැර අතිශයින් සම්ප්‍රදායික ගැහැණියක ලෙස සිටින්නට කරන ඉවසීම ද රංගනයේ සුවිශේෂත්වය හොඳින්ම දනවනවා.
එසේම ජුල්ස් ලෙස කෙයිරා නයිග්ටි දක්වන කුසලතාවයද ඉහළයි.ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ලද රංගන ශිල්පියෙක් වන ජෝ – රයර්ස් මේයර් සිය පළමු සිනමා සම්ප්‍රාප්තියෙන් පසුව රංගනයේ යෙදෙමින් සිට වසර 8 ට පසුව සම්බන්ධ වූ සිනමා පටයක් වන Bend It Like Beckham ඔහු වයස 25 දී රංගනයට දායක වූ සිනමා පඨයක්.මේ වන විට 46 වන වියේ පසුවන ජෝ රයිසර් Bend It Like Beckham සම්බන්ධයෙන් ඔහු දායක වූ හොදම නිර්මාණ අතරේ තබා සිතනවා විය හැකියි.ජෙස් සහ ජුල්ස් අතරේ ද,විශේෂයෙන් ජෙස්ගේ පාපන්දුව සහ සංස්කෘතික ජීවිතය ඇතුළේ ගැටුමද ඉස්මතු කරමින් දුවන සිනමා බටයේ ඔවුන්ගේ ජීවිතවලට තරුණ පාපන්දු පුහුණුකරුවෙක් විදිහට මෙන්ම ප්‍රේමවන්තයෙක් විදිහටද බලපාන චරිකය ඔහු අවබෝධයෙන් සහ සංයමයෙන් දිග හිරින හැටිත් කදිමයි.


එසේම මෙහිදී ජෙස්ගේ පවුලේ චරිතවලට පන පොවන සියල්ලම ද තමන්ගේ රංගනය චරිකයේ ප්‍රතිබ්ම්බ කරන තරමට අවබෝධයෙන් පිටතට දැමීමට සමත් වූ බවක් දැනෙනවා.ඒ පිටතට පේන රූපමය ප්‍රකාශ චලනය වන්නේම පාපන්දුු පිට්යේ හදගැස්මට සමාන වේගයකින් බව මට දැනෙන්නේ සමහර විට ක්‍රිඩාව විෂය කරගෙන ඒ මත එබී සිටිය නිසා විය හැකියි.එහෙත් එයින් ඉවත් වුණත් සිනමා නිර්මාණයක් හැටියට එය වෙනම ගෙන විඳින්නටත් අපහසු නැති බව කිව යුතුයි.


ක්‍රීඩාකයෙක් ජිවිතයේ සිය ක්‍රිඩාව ඇතුළත පමණක් නොව පිටතද ක්‍රීඩාවට බලපාන සමාජ සාධක සමඟ පොර බඳිනවා.ඒවා සංස්කෘතික විය හැකියි.දේශපාලන විය හැකියි.එහිදී කෙතරම් අධිෂ්ඨානයකින් ඒවා ඉවසා දරාගෙන පෙරට යා යුතු ද කියන කාරණයත් සමඟම මනස ඒකාග්‍රතාවයක තබා ගැනීමේ වැදගත්කමද ක්‍රීඩාව කරන කෙනෙකුට ඉගෙන ගන්නට හැකි අභ්‍යාසයක් වන තරමට Bend It Like Beckham ක්‍රීඩාත්මීකයි.සිනමාත්මිකයි.දෙයක් දෙයකින් අතහැර සිනමාවවත්,ක්‍රීඩාවවත් නොපවතින බව සහතික කර සිතන්නට බලපාන බව කුමන ක්‍රිඩාවක නියැලෙන්නෙකුට වුව කියා දෙන සිනමා පටයක් ලෙස හැඳින්විය හැකි Bend It Like Beckham ක්‍රිඩාවට ආදරය කරන කෙනෙකුට වුව නරඹු පසුව ඒ ආදරයට ගෞරවයේ පැහැය ද මිශ්‍ර වෙනු ඇති බව විශ්වාස කළ හැකියි.


ඔබේ සම්ප්‍රදායට පිටට වීසි වෙන්නම කික් කරන්න Bend It Like Beckham නොකියයි.එහෙත් එ් තුළ ඔබේ අවශ්‍යයතාවය නොසළකා රොක්වීමනම් අනවශ්‍යය බව දනවයි.ඔබේ අවශ්‍යයතාවය සංස්කෘතිය කර ගැනිමේ නිදහස ඇති සමාජයක අපූර්වත්වය සහ සුන්දරත්වය කියා දෙන Bend It Like Beckham බෙකම්ට පිස්සු වැටුණු පාපන්දුප්‍රේමී පාපන්දු ක්‍රීඩිකාවගේ ජීවිතයෙන් ආරම්භ කර ඔබ පාපන්දු ප්‍රේම්යෙක් කර හමාර කරන රූප පෙළක් බව නැරඹීමෙන් පසුව දැනෙන්නේනම් එය අස්වාභාවික තත්ත්වයක් ලෙස සිතා කළබල වීම අනවශ්‍යය බව පවසනු කැමතියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan