ක්‍රීඩා ඇමතිගේ නව බලාපොරොත්තුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටී.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

“මාව දාලා තියෙන්නේ ක්‍රිකට් පැටලිල්ල විසඳගන්න ,ක්‍රීඩා අමාත්‍යංශයට ලොකුම කරදරය ක්‍රීඩා සංගම්, සංගම්වල ප්‍රශ්න නිසා ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නවලට වෙලාවක් නැහැ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕන දූෂණ විරෝධී පනත යටතේ නීති තියෙනවා ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන් මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා හොඳම උදාහරණය පාකිස්තානය. පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ ඒ නීතිය එරට ක්‍රීඩා නීතියේ තියෙනවා ICCයට බැහැ ඒකට අභියෝග කරන්න ක්‍රිකට් තහනම ඉවත් වෙයි 19න් පහළ ලෝක කුසලානය ලංකාවට ආවානම්සංචාරක කර්මාන්තය තවත් නංවන්න තිබුණා තරගාවලියට කලින්ම හොටෙල් බුක්කරලා තරගාවලිය අහිමි වීම අවාසියක් ICC රැස්වීමක් ජුනී මාසයේදී ලංකාවේ තියෙනවා ඒකවත් මෙරට පවත්වන්න බලන්න ඕන”

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...