රට ගොඩගන්න අලුත්ම පියවර : මාස තුනක් ඇතුළත කංසා අපනයනයට නීති හදනවා – සිසිර (VIDEO)

Date:

ඉදිරි මාස තුන ඇතුළත ඖෂධීය කංසා අපනයනය සඳහා නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. 

“ඒ වගේම අපි හිරවෙලා තියෙනවා සාම්ප්‍රදායික නීතිරීති රාමුවලට. විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්, යටත්විජිත පාලකයො විසින් අපේ රටේ දේශීය ඖෂධ එක පැත්තකින් තහනම් කරනු ලැබුවා. ඒ වගේම අපේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය කුඩුපට්ටම් කරලා දැමුවා. බටහිර අනුකාරකවාදී උගත් පිරිස විසින් අපේ රටේ දේශීයත්වයටත් දේශීය ඖෂධවලටත් දේශීය දැනුම් පද්ධතියත් සමච්චලයට ලක්කරන්න පටන් ගත්තා. 

මේ තත්වයන් වෙනස් කිරීමේ අභියෝගයන් ජයග්‍රහණය කරමින් අපි සිටිනවා. සාම්ප්‍රදායික නීති පද්ධතිය වෙනස් කිරීමේ මාර්ගයට අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විදියට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ගරු සභාවේ කිහිපවිටක් ගරු මැති ඇමතිතුමන්ලා යෝජනා කළ පරිදි අපේ රට තුළ පැවතිච්ච ඒ සාම්ප්‍රදායික ඖෂධ වර්ග නැවත වතාවක් නීතිගත කිරීමේ ක්‍රමවේදයකට අපි ගමන් කරමින් ඉන්නවා. 

ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධීය කංසා මගින් විශේෂයෙන්ම පිළිකා රෝග සුවකිරීම, ස්නායු රෝග සුවකිරීම, ඒ වගේම මන්දමානසික භාවය අඩුකිරීම, වේදනා නාශකයක් වශයෙන් භාවිතා කිරිම, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළව වෙච්ච විවිධ වූ ඔසු වර්ග බටහිර යටත්විජිත පාලනය විසින් අපට අපේ රටේ තහනම් කරනු ලැබුවා. එනිසා ඉදිරි කාල පරිච්ඡේදය තුළ, ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය – අපනයනය සඳහා පමණක් – නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා බලාදීමට අවශ්‍ය නීතිමය කටයුතු සියල්ල සිදුකරලා තිබෙන බවත් ඒ කටයුතු මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් අපි ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා” 

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...