පාස්ටර් ජෙරොම් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (01) දිනයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුව ප්‍රකාශයක් ලබා දීමට ලබා දීමට පැමිණි අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය වෙත පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙතයි ඔහු එලෙස අද දිනයේදීත් පැමිණියේ.

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගිය (30) දිනයේදීත් පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දී තිබුණි.

පසුගිය (29) දින ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ අතර මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණි.

ඒ අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ.

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් වූ අතර එම විමර්ශනය අතරතුර ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...