ඔබට අවශ්‍ය ජපානයේ රැකියාවක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) දින සිට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන එස්.එස්. ඩබ්ලිව්. පරීක්ෂණය ආරම්භ වන අතර , මෙරට සිටින ජපාන තානාපති මෙරට ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා සමඟ එක්ව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිවේදනය කළේය.

ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාරල ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර අද සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයද ලංකාවේ ශ්‍රමිකයින්ට විවෘත වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ආහාර සැකසුම් ක්ෂේත්‍රය සහ ඔටෝ මොබිල් ක්ෂේත්‍රය සදහා පුහුණු ශ්‍රමිකයින් යැවීම සදහා වන අවස්ථාව කඩිනමින් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී මෙරට සිටින ජපන් තානාපතිතුමන්ගෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...