ඔබට අවශ්‍ය ජපානයේ රැකියාවක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) දින සිට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන එස්.එස්. ඩබ්ලිව්. පරීක්ෂණය ආරම්භ වන අතර , මෙරට සිටින ජපාන තානාපති මෙරට ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා සමඟ එක්ව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිවේදනය කළේය.

ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාරල ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර අද සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයද ලංකාවේ ශ්‍රමිකයින්ට විවෘත වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ආහාර සැකසුම් ක්ෂේත්‍රය සහ ඔටෝ මොබිල් ක්ෂේත්‍රය සදහා පුහුණු ශ්‍රමිකයින් යැවීම සදහා වන අවස්ථාව කඩිනමින් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී මෙරට සිටින ජපන් තානාපතිතුමන්ගෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...