විරෝධතාවයක් අතරතුර පිරිසක් තුවාල ලබයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ (LNW):

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී ඇති අතර,ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර ඇත, එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

එහිදී, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

අද දහවල්, ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුණු අතර,ඒ පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් බව පැවසේ.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...