සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 41 වැනි බස් රථය ෆාතිමා මුස්ලිම් බාලිකා විදුහලට (VIDEO)

Date:

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනට සමගාමීව 41වන බස් රථය මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ දරුවන්ගේ පරිහරණය සඳහා ඊයේ (01) ප්‍රදානය කෙරුණා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, “ශ්‍රී ලංකා ෆස්ට්” අපේ සිහිනය, එය යතාර්ථයක් කිරීමට සියළුම දෙනා කැපවිය යුතු බවයි.

“ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම තමයි අපි හැමෝගෙම අරමුණ විය යුත්තේ. ඒ ඉලක්කය කරා යන ගමනේ දී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතුයි. සමගි ජන බලවේ රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, පරිගනක තාක්ෂණය, “බයෝ” තාක්ෂණය මෙරට හතලිස් තුන් ලක්ෂයක් වන පාසල් දූ දරුවන්ට ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්. එහි වගකීම අදාල විශේෂඥයින්ට සහ වෘත්තිකයින්ට සෘජුව භාරදීම තමයි එහි සාර්ථකත්වයේ මූලික පදනම. ලෝකය සමග තරග කිරීමට අවශ්‍යය දක්ෂ දරුවන් සහ හොඳ පුරවැසියන් අපේ රට තුළ සිටිනවා. ඔවුන් විශ්වාස කරමින් නව ගමනක් ආරම්භ කිරීමයි දැන් අවශ්‍යය.”

සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාව වෙනුවට නූතනවාදී විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය කටයුතු කරන බවත්, රාමුවෙන් පිට නව සම්ප්‍රදායක් තමන් විසින් හදුන්වා දුන් බවත් පැවසු විපක්ෂ නායකවරයා “හුස්ම” සහ “සක්වල” එහි ප්‍රතිඵලයක් බවද කියා සිටියා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...