මීටත් වඩා ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න අපි ජන ජීවිතය වෙනස් කරගන්න ඕනෑ – අගමැති

Date:

ලෝකයේ දියුණු රටවල පවා මේ වනවිට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් සහ තදබදයන් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“මේ ආර්ථික අර්බුදයකට අපේ රට මුහුණ දෙනවා. ඒ ආර්ථික අර්බුදය සහ ලෝක ආර්ථික පසුබෑම මත අද මතුවී තිබෙන ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව අද අපි හොඳින් දන්නවා. දියුණු රටවල්වලත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පෝලිම් තුළ ලබාගැනීමේ විශාල තදබදයකට ඒ රටවල් පරිවර්තනය වෙමින් ඉන්නවා. අපිත් මේ ආකාරයෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේ විදයම් අඩුකොට ආදායම් වැඩිකර ගැනීමටත්, ඒවාගේම නාස්තිකාර ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව නොදී ඵලදායී ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීම සඳහාත් මේ වැඩපිළිවෙලේ කොටසක් බවට පත්කරලා තිබෙනවා. අපේ ජීවිත කාලයට මෙවැනි අර්බුදයකට මුහුණ දීලා නෑ. ඒවාගේම මීටත් වැඩි අර්බුදයකට අපි මුහුණ දීම සඳහා අපේ ජන ජීවිතයේ හැඩරුව යම්කිසි දුරකට වෙනස් කරගැනීමට හෝ පාලනය කරගැනීමට අවශ්‍ය වෙනවා. මේ කෙටිකාලීන අන්තර්කාලීන පරිච්ඡේදය එසේ ඉටුකරගන්න අපට පුළුවන් වුණොත් ඒ වෙනුවෙන් වැයවෙන විශාල ධනයක් අයවැය ලේඛනයෙන් මහජන අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකර ගැනීමට පුළුවන් වෙනවා”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ සීතාවක ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...