වොයිස්කට් සාධුලා කෝ? ඔන්න ගෑස් පුපුරනවා දානේ නැතිවෙන්නයි යන්නේ – අසේල (VIDEO)

Date:

මේ වන විට ගෑස් කඳු වීම් නිසා වාර්තා වෙන පිපිරීම්,ගිනිගැනීම් සියල්ල සිදුවන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මෙය බරපතල ප්‍රශ්නයක් වන හෙයින් තවදුරටත් එක නිවසකට, ආපන ශාලාවකට හෝ පොදු දේපලකට හානියක් සිදුවුවහොත් ඉදිරියට කරන දේවල් ආණ්ඩුවට බලාගත හැකි අතර වහාම මේ ප්‍රශ්නය විසඳන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

”මේක බරපතල ප්‍රශ්නයක්. එක මිනිස් ජීවිතයක්, එක පොදු දේපලක්, එක නිවසක හෝ මොනයම් හෝ අලාභයක් අදින් පස්සේ වුණොත් අපි ඒ ස්ථානවලට ගිහින් බලාගනිල්ලා උඹලට කරන වැඩේ. ඒ නිසා මේ ප්‍රශ්නය කඩිනමින් විසඳන්න ඕනේ. පත් කරලා තියෙනවා කමිටුවක් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ප්‍රමුඛ. අපි කියනවා පැය 48න් ඔය ප්‍රශ්නය විසඳන්න පුළුවන්. සති දෙකක් බම්බු ගහනවද? ඒ කියන්නේ සති දෙකක් පුපුරපන්.එතකොට තමයි ප්‍රශ්නය ගානට එන්නේ. මේවා සැලසුම්. මේ ප්‍රශ්නය ගැන ජනාධිපති සංවේදී නැත්නම් අපි කියනවා ජනාධිපතිට පිරිත් නූල් ගැට ගහපු,ධාතු කරඬුව ඔලුවේ තියපු මේ රටේ මහනායක,අනුනායක, අර නායක මේ නායක සියලු නායකයින්ට කියනවා ඔබවහන්සේලාට දානේ ටික නැතිවෙන්න හදන්නේ.ගෙවල්වල ගෑස් පුපුරනවා. දැන් මාගල්කන්දේ සුදන්තලා,ඉත්තෑකන්දෙලා,මඩිල්ලේලා වඩින්න පාරට. දානේ නැහැ. උයන්න විදිහක් නැහැ . පුපුරනවා පටපට ගාලා. කෝ ඔය එක හාමුදුරු නමක් කිව්වද ජනාධිපතිතුමනි ගෑස් පුපුරනවා කියල.”

මේ අතර ගෑස් සම්බන්ධ පිපිරීම්,තුවාල වීම්වලට බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන ඇමතිවරු වගකිවයුතු බවද අසේල සම්පත් මහතා සඳහන් කරයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...