අ.පො.ස උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඊයේ (01) දින සිට ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට මේ අනුව කටයුතු කරනු ලබයි.

පසුගිය වසරේද ළමුන් 3000ක් වෙනුවෙන් මාස 24ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල මගින් කටයුතු කරනු ලැබීය.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk , ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත එම අයදුම්පත් භාරදීමට කටයුතු කළ යුතුය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සියලුම දරු දැරියන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහයෝගය ජනාධිපති අරමුදල අපේක්ෂා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: යේමනයේ හූති...

IMF මුළුමනින්ම අත්හරින තැනකත් නෑ, යා යුතුමයි කියන තැනත් නෑ. අපට තව මාස 6ක් තියෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ලබන වසරේදී නැවතත් ජාත්‍යන්තර අරමුදල (IMF)...

‘Breaking Bad’ නළු RJ Mitte වයස අවුරුදු 34දී මියයයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඇමරිකානු...