*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ආයතන එකට ඈඳන ‘NEXT GEN’ යථාර්ථයක් වෙයි…

උසස් පෙළ කලා සිසුන්ට IT නව විෂය නිර්දේශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘NEXT GEN’ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධීකරණයක් ඇති කිරීමට රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් (100,000) සඳහා ඩිජිටල් තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක් දීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව කඩිනම් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් තොරතුරු තාක්ෂණය ලබාදීම සිදුවන අතර, එම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (02) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැඟීම සඳහා කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වාදුන් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවද මේ සඳහා අධ්‍යාපන අංශයේ සියලු ආයතනවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා,

‘‘උසස් පෙළ කලා අංශයේ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය, නව විෂය නිර්දේශයක් යටතේ ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මුළු මහත් රාජ්‍ය සේවයම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා කඩිනම් රාජ්‍ය සේවාවක් ඇති කිරීමත් එමඟින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමත් මේ වැඩසටහනේ ප්‍රධාන අභිලාෂය වෙනවා.‘‘

‘‘NEXT GEN වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක්. ඒ මහතා මෙවර අය වැයේදී ප්‍රකාශ කළ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟිය යුතු වෙනවා. එම අදහස අනුව පළමු වැඩසටහන අද ආරම්භ කරනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා 2024 වන විට මේ රටේ සියලු රාජ්‍ය ආයතන හුවමාරුවීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බව. ඒ වගේම 2024 වසරේ අවසන් වනවිට මෙය අවසන් කළ යුතුයි. දැනටමත් සමහර ආයතන වැඩ පටන් අරගෙන තිබෙනවා. මේ පුහුණු වැඩසටහන දින පහක වැඩසටහනක්. එය සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරනවා.‘‘

‘‘රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව මෙය ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවයේ ඉන්න අයට තොරතුරු තාක්ෂණ සඳහා වසර ගණනක් විදේශ සේවයේ යෙදෙන්න වගේම වැටුප්‍ රහිත නිවාඩු ලබාගෙන මේ රටේ එම කර්මාන්තයේ යෙදෙන්නත් පුළුවන්. අපි උසස් පෙළ කලා සිසුන්ටත් මේ විෂය උගන්වනවා. ඒ වගේම ගිය වාසරේ අපි තොරතුරු තාක්ෂණය මඟින් අමෙරිකන් ඩොලර් බිලියන 1.5ක් උපයන්න හැකි වුණා. අපි ලබන වසරේ UDI කියන ව්‍යාපෘතිය ආරම්භ කරනවා.‘‘

‘‘ඉපදෙන සෑම අයකුටම ඩිජිටල් අංකයක් ලැබෙනවා. ඒ අයගේ වයස 15 වන විට යුනික් අංකයක් දෙනවා. එමඟින් ජීව දත්ත එක් තැනක ගබඩා වෙනවා. ඒ හරහා හැඳුනුම්පත, ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සේවා රැසක් ඉටු කිරීමට හැකි වෙනවා‘‘ යැයි පැවසීය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය හා එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මේ සමාරම්භක අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනයේ නිලධාරීන් සක්‍රියව සහභාගි වූහ. කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් මේ වැඩසටහනට සහභාගි වූහ.

රෂිකා හෙන්නායක
2022.12.03

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan