මත්පැන් හල් දවසේ පැය 24 ම විවෘතව තැබිය යුතුයි: ඩයනා

Date:

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් මත්පැන් හල්, හෝටල් සහ කඩ සාප්පු දවසේ පැය 24 පුරාම විවෘතව තැබීමට ඉඩ ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (02) දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙමඟින් සංචාරක කර්මාන්තය හරහා උපරිම ආදායමක් ජනිත කරවීමට හැකිවනු ඇති බව ඒ මහත්මිය පවසා සිටියාය.

කඩ සාප්පු, අවන්හල් සහ මත්පැන් හල් රාත්‍රී 10.30 න් පසු වසා දමන්නේ නම්, සංචාරක කර්මාන්තයේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බයත්, රාත්‍රී ආර්ථිකයක් නොමැති තැනක ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මුදල් යොදවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.

එමෙන්ම, ගුවන් තොටුපළට පැමිණි විගස, සංචාරකයලන්ට වනජීවී උද්‍යාන සහ වෙනත් ස්ථාන නැරඹීමට පෙර වෙන්කරවාගත් ගෙවීම් කළ හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ද වැදගත් බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

වැඩි කාලයක් ගතවීමට පෙර මෙම වෙනස්කම් සිදුවනු ඇති බව ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...