අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..
සුදු කොඩිත් නැත.
අධික මිලවූ පෙට්ටි නැත.
මලබෙර හඬත් නැත..
වැළපෙන්නට කෙනෙක් නැත..
කුළල් කා ගත් පැළ ඉනි වැටත් නැත..
හරියටම මිය ගියාදැයි.
විශ්වාසත් නැත..
නින්දෙන්ම සුර ලොවට..
නිහඬවම එක්ක ගිය.
අපූරු පාඩමකි…
නාය ගිය ජීවිත…

රෂිකා හෙන්නායක