කැලණිය විශ්ව විද්‍යාලය වසා දමයි!

Date:

කොළඹ LNW:කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද පස්වරු 02.00 සිට නැවත දැනුම්දෙන තුරු වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ සියල්ලම වසා දැමෙන බවයි උපකුලපතිවරයා නිව්දනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම නිවේදනය අනුව හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතුවෙයි.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්ව විද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර තිබේ.

විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මෙවැනි තීරණයක් ගෙන ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා බවට උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...