කැලණිය විශ්ව විද්‍යාලය වසා දමයි!

Date:

කොළඹ LNW:කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද පස්වරු 02.00 සිට නැවත දැනුම්දෙන තුරු වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ සියල්ලම වසා දැමෙන බවයි උපකුලපතිවරයා නිව්දනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම නිවේදනය අනුව හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතුවෙයි.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්ව විද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර තිබේ.

විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මෙවැනි තීරණයක් ගෙන ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා බවට උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...