අඛණ්ඩව සිව්වන වරටත් පැරීසිය ලෝකයේ හොඳම නගරය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ හොඳම නගර අලලා දත්ත විශ්ලේෂණ සමාගමක් වන යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් විසින ලද විමර්ශනයකට අනුව අඛණ්ඩ සිව්වන වරටත් පැරීසිය ලෝකයේ හොඳම නගරය බවට පත්ව තිබේ.

යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් විසින් මෙවර ලෝකයේ හොඳම නගර විශ්ලේෂණයේදී එම නගරවල සංචාරක ව්‍යාපාරය, තිරසාර බව, ආර්ථික ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය සහ ආරක්ෂාව ඇතුළු නිර්ණායක මත ශ්‍රේණිගත කර ඇත.

මෙම වසරේ මිලියන 70 කට අධික ජනතාවක් පැරිස් වෙත පැමිණ ඇති අතර එහි විශිෂ්ට සංචාරක ප්‍රතිපත්තිය සහ යටිතල පහසුකම් හේතුවෙන් අගනගරය වඩාත් කතාබහට ලක්ව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය මැඩ්රිඩ්, තෙවන හා සිවුවන ස්ථානය රෝමය සහ මිලාන් ද, පස්වන ස්ථානය ඇම්ස්ටර්ඩෑම් ද ලබාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...