මචං රවී ….

Date:

මචං රවී, උඹ දැන් ලංකාවෙ ඇමතිකෙනෙක් නේද ? මට නම් බොක්කෙන්ම සන්තෝසයි බං..

උඹට මතකද අපි අනූවෙ – අනූ තුනේ පල්ලෙකැලේ රැඳවුම් කඳවුරේ හිරකරලා හිටපු කාලේ..

උඹට මතකද අපිත් එක්ක හිටපු කලු අයියා, බාලේ, ට්‍රැක්ටර් ප්‍රේමේ කඳවුරෙන් පැනලා යන්ට ගිහින් වෙඩිකාලා මැරුනට පස්සෙ කඳවුරේ හිරකරලා හිටපු රැඳවියො හයසීයම දවස් දෙකක් බඩගින්නෙ ඉඳලා කෑම රෙෂන් එකේ සල්ලි කඳවුරේ නිලධාරීන්ට කියලා මැරිච්ච සහෝදරවරුන්ගෙ ගෙදර යැව්වා. මළගෙදර වැඩ කරගන්න…

සමහරවිට උඹට ඒවා දැන් අමතක ඇති, උඹලා දැන් ඉන්නෙ තෝරදෙණියල එක්කලු නේද…?

මං හිතන්නෙ අපිත් එක්ක කඳවුරේ හිටපු හයසීයෙන් දැන් ජීවතුන් අතර ඇත්තෙ සීයක් විතර වගෙ.. ගොඩ දෙනෙක් අත්අඩංගුවේදි කාපු ගුටි පස්සෙ කාලෙක වෙන වෙන ලෙඩවලට ඇවිත් දුක්විඳලා මැරුනා මචං..

උංගෙ ජීවිතවලට ගංවතුර ගහලා ගොඩක් කල් බං….

සත පහකවත් උදවුවක් නැති උනාට කමක් නෑ කඳවුරේ හිටපු දැනට ජීවතුන් අතර ඉන්න උන් හොයලා උන්ට කතාකරපං.. උන් පවු බං….

මීට,
දෙකේ බිලට් එකේ බොඩී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...