මේ ආණ්ඩුවේ වියදමත් රනිල්ගේ ආණ්ඩුවේ වියදමට සමානයි. හොරකම, නාස්තිය නවත්තලා ඉතුරු කරන සල්ලි කෝ ?

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ රජය ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම අනුව ජනවාරි සිට අප්‍රේල් දක්වා වියදම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ එම වියදමටම සමාන බවත් ඒ අනුව හොරකම, නාස්තිය, වංචා, දූෂණ නැවැත්වීමෙන් ඉතුරු කරන බව පැවසූ මුදල් යන්නේ කොතැනටද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“මේ අතුරු සම්මත ගිණුමේ වියදම් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජනවාරි මාසෙ ඉඳලා අප්‍රේල් මාසෙ දක්වා වියදම් කරපු ගාණම හා සමානයි. අපි දැක්කා පහුගිය කාලෙ මේ උදවිය කියනවා මේ රටේ වංචාව, දූෂණය, නාස්තිය, හොරකම නතර කළාම වියදම විශාල ප්‍රමාණයකින් අඩුවෙනවා කියලා. නමුත් ඇස්තමේන්තුගත කරලා තියෙන මුදල අනුව වියදමේ ප්‍රමාණය අරන් බැලුවාම හොරකම් කරපු මුදල් කෝ ? වංචා කරපු මුදල් කෝ ? නාස්තිකාර වියදම් ටික කප්පාදු කළා නම් මේ මුදල් කොහෙටද යොමුකරන්නේ කියන එක මං හිතන්නෙ මේකෙ දක්වලා නෑ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුවේ පැවති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...