කථානායකගේ උපාධි බොරු නම් ඔහුට ඉල්ලා අස්වෙන්න බල කළ යුතුයි, නැතිනම් ඉවත් කළ යුතුයි – මහාචාර්ය නිර්මාල්

Date:

කථානායක අශෝක සපුමල් රන්වල මහතාගේ උපාධි පිළිබඳ තත්වය ආණ්ඩුව විසින්ම සොයාබලා ඔහු ඒ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වන්න යැයි බල කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ෆේස්බුක් සටහනක් ඔස්සේ මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යනු පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකළ අයෙකු වීම ද විශේෂත්වයකි.

කථානායකවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි අයෙකු සහ ජපානයේ Waseda විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හිමි අයෙකු වශයෙන් පෙනී සිටියත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඔහුගේ එම උපාධි සම්බන්ධයෙන් සැක පළ කෙරෙන සංවාදයන් උද්ගතව ඇති අතර සිවිල් ක්‍රියාකාරිකයකු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද සිදුකර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...