බටහිර ජාතීන් ලංකාවේ වෙස්මිනිස්ටර් සිස්ටම් එක රෝපණය කරනකොට ඔවුන් විසින් නිර්මාණය කරපු රාජ්‍යයේ හමුදාවන්ට ලංකාවේදී ලැබෙන්නෙ බටහිර ලෝකය තුලදී එයට නියමිතව තිබූ වටිනාකම් නොවේ.. මෙහේ හමුදාව ස්ථාපිත වෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ පූජනීය අයිකන් එකක් විදියටයි…
පසුගිය සමයේ උතුරේ කළ යුධ මෙහෙයුම් වලදී සිදුවූ ඝාතන දකුණේදී විවේචනයට ලක් නොවී ඒවා ධීර වීර සහ මාතෘ භූමිය වෙනුවෙන් ඉටුකළ උත්තුංග යුතුකම් විශේෂයක් ලෙස අර්ථ ගැන් උනේ ඒ නිසයි..
88 – 89 වකවානුවේදී හමුදාව අතින් දකුණේදී සිදුවූ ඝාතන ද සිංහල කොල්ලො කෙල්ලො මරාදැමීම වැනි පටු වාර්ගික පදනමකින් මිස මානව හිමිකම් යන පුළුල් අර්තයකින් එය දකුණේ පොදුජන මනස තුළ ප්‍රශ්න කෙරුනේද යන්න ගැටලුවකි.
එසේම ඉතාම ටික කලකින් උතුරේදී හමුදාව අතින් ඝාතනය වූ දෙමළ සිරුරුවල රුධිරයෙන් දකුණේ 88 – 89 සිංහල තරුණයින් මරාදැමීමේ පව් පහසුවෙන් සේදී ගිය බවක් ද දක්නට ලැබිණ …
බටහිර ආකෘතියට අනුව හමුදාවක් යනු රාජ්‍යයේ දෘඩ අවයවයක් පමණි. එය රාජ්‍යය විසින් මිනිසුන් බේරාගැනීමට අණ දුන් විට එය අකුරටම ඉටුකරයි, එසේම රජය විසින් එයට මිනිසුන් ඝාතනය කිරීමට අණ දුන් විට එයද අකුරටම ඉටුකරයි.. හමුදාවක් පූජනීය තත්වයට පත්වෙනවාට වඩා එය රාජ්‍යයේ ලෞකික අවයවයක් ලෙස පැවතීම යහපත් තත්වයකි…
අට පාස්, දෙක පාස් කතා යනු හමුදා මර්දනය වැරදි තැනකින් අල්ලාගෙන කරන අන්දභූත විවේචනයන් ය.. ගැටලුව ඇත්තේ අටපාස් සුදුසුකමේ නොව එය රාජ්‍යයේ ලෞකික අවයවයකින් එහාට ගිය පූජනීය අවයවයක් වීමේ සන්දර්භය තුළය ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN