නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන 08කට නඩු! තවත් 08 කට නිවේදන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොල්ගස්ඕවිට සහ කහතුඩුව ප්‍රදේශවල පවත්වාගෙන යන වෙළඳසැල්වල සිදුකළ හදිසි ආහාර වැටලීමකදී සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොරව මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන අටකට එරෙහිව කැස්බෑව අධිකරණයේ නඩු පවරා ස්ථාන අටකට නිවේදන නිකුත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා වැඩිදුරටත් පැවසූවේ නිවේදන නිකුත් කළ ස්ථාන අටකට ලබා දුන් උපදෙස් දින 14 ක් ඇතුලත නිසි ලෙස සම්පූර්ණ නොකළහොත් එම ස්ථාන වලට එරෙහිව ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි .

පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක පී . සමරසේකර මහතා පැවසූවේ, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් පොල්ගස්ඕවිට සහ කහතුඩුව ප්‍රදේශවල පවත්වාගෙන යන හෝටල් 09 , බේකරි 02 , ග්‍රොසරි 05 , සුපිරි වෙළදසැල් 3 , මස්කඩ 03 , මාළු කඩයක් හා එළවළු කඩයක් ඇතුළු ස්ථාන 23 මෙහිදී පරීක්ෂාවට ලක් කළ බවයි.

වෛද්‍ය ධනුක පත්මරාජ මහතා තවදුරටත් කියා සිටියේ, වෑතර එළවලූ කඩයක නරක් වූ කරවල කිලෝ 09 අලෙවිය සඳහා තබා තිබූ අතර පරීක්ෂාව සිදු වන අවස්ථාවේදී එම කරවල තොගයේ කෘමීන් රැදි සිටි බවත් කහතුඩුවේ හෝටලයක් සනීපාරක්ෂාවට අහිතකර ලෙස පවත්වාගෙන යමින් එහි වියළි ආහාර තෙතමනය සහිත බිම තබා ආහාර සකසමින් සිට ඇති බවත්ය.

පොල්ගස්ඕවිට හෝටලයක මස් මාළු අයිස් ක්‍රීම් හා මැකරෝනී වර්ග එකට ශීතකරණයේ ගබඩා කර තිබියදී හමුවූ බවත් රිලාවල ප්‍රදේශයේ හෝටලයක පිසූ ආහාර මැස්සන්ට දූවිලි වලය නිරාවරණය කර අලෙවිය සදහා තබා තිබූ බවත් අරක් වූ මාලු පිසීමට යොදාගෙන තිබූ බවත් ආහාර පිසින ස්ථානයේම ඉතා අපිරිසුදු කසළ බදුන් තබා තිබියදී හමු වූ බවත් එම ස්ථාන වලට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බවත් ඔහු පවසා සිටී.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සමරසේකර මහතා පැවසූවේ, මීට අමතරව ලී තට්ටු භාවිතා නොකොට , නිසි ලෙස වාතාශ්‍රය නොමැති ස්ථානවල ආහාර ගබඩා කිරිම හා ප්‍රමිතිගත උෂ්ණත්වය නොමැති ශීතකරන වල ආහාර ගබඩා කර තිබීම, තැලීමට ලක් වූ සැමන් ටින් අලෙවිය සදහා තබා තිබීම , ලේබල් නොමැති කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ ස්ථාන අටකට එරෙහිව නිවේදන නිකුත් කොට දින 14 ඇතුළත නිවැරදි කොට දන්වන ලෙසට උපදෙස් දුන් බවයි.

මේ අතර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ගෝඩම්බ රොටි කිලෝ 08 , කරවල කිලෝ 09 , සැමන් ටින් 09 , අල කිලෝ 03, බී ළූණු කිලෝ 03 ඇතුළු ආහාර වර්ග 20 අත්අඩංගුවට ගෙන විනාශ කළ බව ද සමරසේකර මහතා වැඩිදුරටත් කීය.

මෙම වැඩසටහන කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතාගේ උපදෙස් මත අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව හා කුලංගා මහත්මියගේ මෙහෙයවීමෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී සමරසේකර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වන එස්.සී.අමදෝරු ,සම්පත් අල්විස් , ජී.පී.එච්.පි. මංජුල , එච්.ජී. කෝසල , ලක්ෂ්මන් සිරිවර්ධන , බුද්ධික නේෂාන් , හර්ෂ දිල්ෂාන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු බව තොරතුරු සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...