රාජ්‍ය ඇමති ෂෙහාන් නැහැ කියන වැට් බද්ද ගැන ඇමති සුසිල් කියන කතාව!

Date:

කොළඹ LNW:සියලුම භාණ්ඩ වැට් බද්දට යටත් කෙරෙනු ඇතැයි තමාට දැනගන්නට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.

කෙසේවෙතත් එළඹෙන ඉරිදා දින වැට සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන හෙයින් ඒ ගැන සක හැර දැනගත හැකි බවද ඔහු කියා සිටියි.

“වැට් තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය. මෙතෙක් වැට් නැති භාණ්ඩවලටත් වැට් වැටෙනවා. ඉරිදා මේ ගැන විවාදය තියෙනවා. එතනදි මේ ගැන සැක හැර දැනගන්න පුළුවන්. ඒ අය කියන විදියට, මට දැනගන්න තියෙන විදිහට නම් වැට් බද්ද සියලුම භාණ්ඩවලට අය කෙරෙනවා. නමුත් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සඳහා ඒ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...