ඩෙංගු මර්දනයත් සාගලට භාරවෙයි!

Date:

කොළඹ LNW:රට තුළ ඩෙංගු සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට (Zero-Dengue initiative) තීරණය කර ඵලදායී උපාය මාර්ග සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (05) දිනයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණු අතර එහි සම්බන්ධිකරන කටයුතු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පවරා තිබේ.

සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පූර්ණ සහයෝගය ඇතිව මෙම කාර්යයට මූලිකත්වය දීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමයෙන් එම කටයුතු සම්බන්ධිකරණ කිරීම සඳහා සාගල රත්නායක මහතා පත්කර ඇත.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 77,487ක් වාර්තා වී තිබෙන අතර මෙම ඩෙංගු තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම අමාත්‍යාංශ කිහිපයක් යෙදවීමට කටයුතු කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන අන්දමට ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වලිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...