IMF කියන දේ අහනවා නම් ADB වෙතිනුත් ණය ආධාරයක්!

Date:

කොළඹ LNW: ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට සැලසුම් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා විසින් එය තහවුරු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය මුදා හැරීමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුව විසින් එම ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් ලබා දීමට නියමිත බව සඳහන්.

ආසියානු සංවර්ධන බැංකුව එම මුදල ලබා දෙන්නේ අයවැය ආධාර ලෙසය.

කෙසේ වෙතත් මෙම මුදල් ලබා දීම සිදුවනු ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, අයවැය හිගය අඩු කිරීම සහ රාජ්‍ය පාලනය විධිමත් කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණ තිබෙන එකගතාවයන් අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම මත බවද වාර්තා වෙයි.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ,ජල අංශයේ කළමනාකරණය, සංචාරක කර්මාන්තය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් එම මුදල් යෙදවිය යුතු වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...