*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මුදල් රාජ්‍ය ඇමති වෙරිටේ රිසර්ච් වාර්තාවක් ප්‍රතික්ෂේප කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ, දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77%කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් නිකුත් කළ වාර්තාවකි.

අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැඳිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ , මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට, මෙරට ජනගහනයෙන් 28⁣%ක් පමණක් කැමැත්ත පළ කර ඇති බවට අදාළ සමාගම මීට පෙර සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ සඳහා නියැඳිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1,008 දෙනෙකු හෙවත් සමස්ත ජනගහනයෙන් 0.0045%ක් පමණක් බවයි.

ආර්ථිකය යහපත් මට්ටමකට ගෙන ඒමට සකස් කර ඇති වැඩපිළිවෙලවල් ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අදහස් නොමැති හුදු දේශපාලන විරෝධතාවලින් සිදු වන්නේ රටේ ඉදිරි ගමනට හානියක් බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, එසේම ඔවුන් අනුව යමින් ඇතැම් සමීක්ෂණ ආයතන ද දේශපාලන අතකොලු බවට පත්ව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan