*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නව වසරට ජනපතිගෙන් නව වැඩ පිළිවෙලක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම මාසයේ මැද පමණ වන විට රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවත් , රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතු බවත් ජනාදිපතිවරයා පවසයි.

එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කලේය.

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිව යනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923 දී තක්සේරුකරු තනතුර ඇති කළා.

1972 හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේදී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍ය වෙනවා. ඒ සඳහා තක්සේරු කරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම වැඩි කළ යුතුයි.

ඒ වගේම ඉදිරියේදී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීම ද සිදු කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහා ද තක්සේරු කරණයේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. එම නිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මෙම වසරේ සිට ආරම්භ කිරීම මම ඉතා අගය කරනවා.

පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.

මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් නවතා දමා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීම නවතා තිබෙනවා. මෙම කොන්දේසි නොමැතිව ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළහොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි.

ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතුවී තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීමටත් රාජ්‍ය වියදම් අඩුකර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා.සංචාරක කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා . ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. එම සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කර ගතහොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට ලබා දෙන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අරමුණ ඉටුකර ගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා එම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කර ගත හැකි වනු ඇතියි.

බලශක්ති ක්ෂේත්‍රය තුළද නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35 ක්ද, සූර්ය බලයෙන් ගිගාවොට් 200 ක් ද නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මෙරට පාරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 50කට අඩු ප්‍රමාණයක්. එම නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟින්ද විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෘතිම බුද්ධිය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදා ගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි “ ලෙස ජනාධිපතිවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan