නාස්තියට තිත තියන්න ඇමති හඳුන් වැඩට බහී : පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට රජයෙන් මැසූ නිල ඇඳුම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට මසන ලද නිල ඇඳුම් පාසල් සිසුන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“චීන රජයෙන් අපට මේ පාර දරුවන්ට නොමිලේ ලබාදෙන පාසල් නිල ඇඳුම් රෙදි ලැබුණා. හැබැයි අපි ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මෙ නිල ඇඳුම් රෙදි කෑල්ල විතරක් ඉස්කෝලෙට නිල ඇඳුම් ටික මහලා ළමයින්ට ලබාදෙන්න. මොකද හේතුව, මේ නිල ඇඳුම් රෙදි කෑල්ල දුන්නාට පස්සෙ විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යනවා. හුඟක් ළමයින්ට මේ නිල ඇඳුම් රෙදි කෑල්ල හම්බුවෙනකොට ගෙදරින් රෙදි අරගෙන ඉවරයි. ඒවා අපතේ යන දෙයක් වෙලා තියෙනවා. දැනට අපේ පේෂකර්ම පර්යේෂණ ආයතනයෙන් ඒ වෙනුවෙන් යම් අදහසක් යෝජනා වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ශිල්පීන්ටත් ආදායම් මාර්ගයක් ලැබෙන ආකාරයට මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 06) කොළඹ BMICH හිදී පැවති අත් යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල සහ ප්‍රදර්ශනයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...