“දිල්වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ(Dilwale Dulhania Le Jayenge) හි රාජ් සහ සිම්රන්ගේ සිග්නේචර් පෝස් එකක ප්‍රතිමාවක් දැන් ලන්ඩනයේ!

Date:

සටහන – පුලී

දෙසැම්බර් 07, කොළඹ (LNW): “දිල්වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ(Dilwale Dulhania Le Jayenge) චිත්‍රපටයේ ඔවුන්ගේ සුවිශේෂී චරිත මතකාවර්ජණය කරමින් ලෝකඩ ප්‍රතිමාවක් නිරාවරණය කිරීම සඳහා බොලිවුඩයේ සුපිරි රංඟනශිල්පී ෂාරුක් ඛාන් සහ රංඟනශිල්පිනී කාජල් ඉකුත් දිනයක ලන්ඩනයට සම්ප්‍රාප්ත විය.


ඒ “යෂ් රාජ් ෆිල්ම්ස්” බ්ලොක්බස්ටරයක් ප්‍රථම වරට ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන වසර 30 ක් සනිටුහන් කිරීම සම්බන්ධයෙනි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන රාජ් සහ සිම්රන් ගේ සිග්නේචර් ඉරියව්වක් නිරූපණය කරන ලද මෙම ප්‍රතිමාව ඉකුත් බ්‍රහස්පතින්දා ලෙස්ටර් චතුරශ්‍රයේදී නිරාවරණය කරන ලදී.



Scenes in the Square trail හි කොටසක් ලෙස එවැනි පිළිගැනීමක් ලැබූ පළමු ඉන්දියානු චිත්‍රපටය බවට “දිල්වාලේ දුල්හානියා ලේ ජයෙන්ගේ(Dilwale Dulhania Le Jayenge) පත්විය.
“හැරී පොටර්”, “මේරි පොපින්ස්”, “පැඩින්ටන්” සහ “සිංගින් ඉන් ද රේන්” ඇතුළු චිත්‍රපටවල චරිතවලට ගෞරව කරන ප්‍රතිමා ද ස්ථාපනයට එක් විය.

මෙම එළිදැක්වීමේ උත්සවයට යෂ් රාජ් ෆිල්ම්ස් හි ප්‍රධාන විධායක නිලධාරී අක්ෂේ විධානි සහ හාර්ට් ඔෆ් ලන්ඩන් ව්‍යාපාරික සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී රොස් මෝගන් ද සහභාගී වූහ.

“‘DDLJ’ නිර්මාණය කරන ලද්දේ පිරිසිදු හදවතකින්. අපට ආදරය පිළිබඳ කතාවක් කියන්නට අවශ්‍ය විය, බාධක මඟහරවා ගන්නේ කෙසේද සහ ආදරය ගොඩක් තිබුනේ නම් ලෝකය වඩා හොඳ ස්ථානයක් වන්නේ කෙසේද මෙන්ම ‘DDLJ’ වසර 30 කට වැඩි කාලයක් තිස්සේ කල් පවතින බලපෑමක් ඇති කර ඇත්තේ මේ නිසා යැයි මම සිතමි,” කින්ග් ඛාන් එළිදැක්වීමේ උත්සවයේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් දිවයින පුරා සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ නිවාස ගණන 4,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...