චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ඉකුත් දා චෙන්නායි වරායෙන් පිටත් වූ මෙටි්‍රක් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් අද (07) කොළඹ වරාය කරා ළඟා වීමට නියමිතයි.

සීනි, පරිප්පු, කිරි පිටි සහ රෙදිපිළි රැගත් එම නෞකාව තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පිටත් කර හැර තිබෙන බව වාර්තා වේ.