ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශක්තිමත් කළ නව වයි -12 (Y- 12) සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ , ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (05) දිවයිනට පැමිණෙන ඇත.

මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන අතර මානුෂීය මෙහෙයුම් සමයේදී මෙම ගුවන් යානාවන් මගින් සෙබළුන් හා භාණ්ඩ ප‍්‍රවාහනය සිදුකරනු ලැබු අතර වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුමි ඇතුළු යුධ අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලබන අතර දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතාවයන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව ද ඇත.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිම සදහා වත්මන් ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරගෙන යනු ලබන සැලසුම්ගත ක‍්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මෙම නව ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්කර ගැනිම දැක්විය හැකි බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...