*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී රිෂාඩ්ට උත්තර දෙන්න ගිහින් ඇමති විජයදාස වරද්ද ගත්තාද?

කොළඹ LNW: අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ විෂය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් මතුවිය.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ කතාවට පිළිතුරු කතාවක් කරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ කරුණු රැසක් සභාවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළව පසුගිය 02 වෙනි දින කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 04 වන දින ප්‍රකාශයක් කර තිබුණු අතර එහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතාට සාප කරන බව කියූ බවත් එය සදාචාරාත්මක නොමැති බැවින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිය යුතු බව කියා තිබුණි.

මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව ගිය විනිසුරුවරුන් හතර දෙනකුගේ සඳහන් කරමින් ඔවුන් ඉවත් වීමට යම් හේතු ද අධිකරණ අමාත්‍යවරයා විසින් පවසන ලදී.

මෙම කරුණු දැක්වීම සම්බන්ධයෙන් ඊයේ (06) යළි රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී කරුණු දක්වන ලදී.

අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මැතිතුමා නාමිකව සඳහන් කළ ඒ.එච්.එම් නවාස් විනිසුරුතුමාට එතුමා සාප නොකළ බවත් තමන්ගේ කතාවේදී කිසිම විනිසුරුවරයෙක්ගේ නමක් සඳහන් නොකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

තවද, එතුමා අදහස් කළ කාරණය මෙසේ පවසා සිටියා.

“මම පොදුවේ කිව්වේ මේ රටේ යම්කිසි අසාධාරණයක් වුන අවස්ථාවකදී, දෙවියන් වහන්සේට පහලින් ඒ සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට ඉන්නෙ මේ විනිසුරුවරුන්. යම් විනිසුරුවරයෙක් යම්කිසි බලපෑමකට යට වෙලා, තීන්දු දෙනවා නම් ඒ විනිසුරුවරුන් හරිද වැරදිද කියල විවේචනය කරන්න අපට කිසිම අයිතියක් නෑ. ඔවුන් තමන්ගේ හෘද සාක්ෂියටයි, දෙවියන් වහන්සේටයි පමණයි බය වෙන්න ඕනේ. එහෙනම් ඔවුන් වැරැද්දක් කරානම් ඔවුන්ට එම වැරැද්දට දඬුවම ලැබෙන්නෙත් දෙවියන්ගෙන්ම පමණයි.

මම මගේ කතාව මගින් අදහස් කළේ මේ රටේ කුමන ජාතියක විනිසුරුවරයෙක් ආවත්, ඔවුන්ට එම නඩු තීන්දු ලබාදීමට, එම විනිසුරුවරයාගේ ජාතිය හෝ, ආගම බාධාවක් වෙන්න බැහැ කියන එකයි.”

මේ රටේ විධායක ජනාධිපතිවරු හතර දෙනෙක්ට විරුද්ධව නිර්භීතව තීන්දු ලබා දී මහජනතාවගේ ගරුත්වය දිනාගත් විනිසුරුවරුන් සිටින බවත්, මේ රටේ කොන්ද පණ ඇති කෙලින් තීරණ ගන්න විනිසුරුවරුන්ට මම ආචාර කරනවා.

අධිකරණයේ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පදනම් කරගත් ඕනෑම රටක විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බවත්, අධිකරණයේ ස්වාධිනත්වය නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් නැති වෙලා යන අතර, නීතියේ ස්වාධිපත්‍යයත් එලෙසම අහිමි වෙලා යන බවයි.

එසේ නීතියේ ස්වාධිපත්‍යය අහිමි වීම ඉතා භයානක තත්ත්වයක් බවත්, එසේ වුවහොත් අපේ රටට කිසිම විදේශ ආයෝජනයක් නොඑන බවත්, බංකොලොත් වී තිබෙන අපේ රටට ගොඩ ඒමක් නොමැති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුවේ දී විනිසුරුවරුන්ගේ නම් සහ යම් යම් හේතු කාරණා මතුකරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කළ ප්‍රකාශය හෙළා දකිමින් බදියුදීන් මන්ත්‍රීවරයා තවදුරටත් කරුණු දක්වන ලදී.

” එදා මම නිර්නාමිකව කරන ලද ප්‍රකාශයකට, එතුමා විනිසුරුවරුන්ගේ නම් සදහන් කරල පෙරේදා දිනයේදී ප්‍රකාශයක් කළා. එහිදී එතුමා කියා සිටියා විනිසුරුවරුන් හතර දෙනෙක් මගේ නඩුවට පෙනී සිටින්නැතුව නැගිට ගියා කියලා. එහි එක් විනිසුරුවරයෙක් වන ගරු යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා ඉවත් වීමේ හේතුව කිව්වොත් මට ලොකු කැළලක් ඇති වෙයි කියලා කිව්වා. මට එහෙම කිසිම කැළලක් ඇති වෙන කාරණාවක් නැහැ. එතුමා මගේ අසල්වාසියෙක් වෙනවා ඇරෙන්න මට වෙන කිසිම කැලලක් ඇති වන ආකාරයේ හේතුවක් නෑ. මගේ සියලු අසල්වාසීන් සමග මගේ ආගමේ කියල තියෙන විදියට කටයුතු කරල තිබෙනවා ඇරෙන්නට, ඔබතුමා අදහස් කල ආකාරයේ කිසි හේතුවක් නෑ. එමනිසා එතුමා මගේ නඩුවෙන් ඉවත් වීමත් සාධාරණයි.

ඒ වගේම ඇමතිතුමා කියා සිටියා අනෙක් විනිසුරුවරයා, මගේ නඩුවට වාඩිවෙන්නැතුව නැගිට යන්නට හේතුව, මා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් නඩුවට පෙර දිනයේ දී එතුමා සමග දුරකථනයෙන් කතා කළා කියලා.

ඇත්ත වශයෙන්ම ඇමතිතුමා මේ ගැන පෙරේදා දිනයේ දී මේ සභාවේ කියනකම් ඒ පිළිබඳව මා කිසිවක් දැන සිටියේ නෑ. මේ සිද්ධිය වුණා කියන අවස්ථාවේදී මම හිටියේ CID භාරයේ 4වන තට්ටුවේ, ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තිබූ අවස්ථාවකයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි දුරකථන ඇමතුමක් කණිෂ්ඨ නීතිඥවරයා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලබාදුන්නාද කියන එක ගැන මට සැකයක් තියෙනවා.

ඒ සැකය නැති කරන්න නම් අපි ඒ විනිසුරුතුමාගේ දුරකථනය පිළිබඳව පරීක්ෂාවක් කරන්න ඕන.

කෙසේ වෙතත් මම මේ ප්‍රශ්නය පිළිබඳව වැඩිපුර කතා කරන්න කැමති නෑ. මොකද, මේ ගැන කතා කළොත් මුළු අධිකරණ පද්ධතියටම හානියක් සිදු වෙන්න පුළුවන්.”

තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“ගරු ඇමතිතුමා විසින් කරන ලද කතාවෙන් එතුමා උත්සාහ කළා, ඒ විනිසුරුතුමාගේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඇත්ත වශයෙන්ම එතුමාගේ එම කතාව අහද්දි මම ඉතා පුදුම වුණා. මේ විනිසුරුවරුනුත් නීතිඥවරුනුත් තමන් ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස දුරකථනයෙන් කතා කර ගන්න පුළුවන්ද කියලා.

නීතිඥවරුන් විසින් විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරලා ඔබතුමා මේ නඩුව අද අහන්න, එහෙම නැත්නම් ඔබතුමා අද මේ නඩුව අහන්න එපා කියන්න, පුළුවන් තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා මා දැනගෙන සිටියේ නෑ.

එවැනි තත්ත්වයකට අද විනිසුරුවරුන් පත් වෙලා තියෙනවනම්, ඒක ඉතා කණගාටුදායකයි. ඔබතුමා මේ වගේ විස්තර එළියට දැමීමෙන් අධිකරණයේ ගරුත්වයට තවත් හානි වෙනවා මිස, ආරක්ෂාවට ලක් වෙන්නේ නෑ.

එතුමාගේ කතාව අහද්දී මට හිතුනා, මේ පිළිබඳව වැඩිය කතා කිරීම එච්චර සුදුසු නෑ කියලා. මට මේ පිළිබඳව කතා කිරීමට සාක්ෂි හා තර්ක රාශියක් තිබුණත් මම ඒ පිළිබඳව හෝ ඒ විනිසුරුතුමා ගැන තවදුරටත් කතා කරන්න කැමති නෑ.

නමුත් මේ රටේ විනිසුරුවරුන් ගැන කතා වෙච්ච පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලිනුත් මේ විනිසුරුවරුන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් වෙලා තියෙනවා. මීට දින කිහිපයකට පෙරදීත් රොෂාන් රණසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් සම්බන්ධව විවේචනයක් කරලා තිබුණා. ඒ වගේම සරත් වීරසේකර මැතිතුමත් මුලතිව් විනිසුරුවරයෙක්ට විරුද්ධව විවේචනයක් කර තිබුණා. ඒ අවස්ථාවලදී, එතුමා ඔවුන්ට විරුද්ධව මෙලෙස කතා කළේ නැහැ” කියමින් එතුමාගේ කතාවට පමණක්, එලෙස චෝදනා කිරීම ඉතා කණගාටුදායක බවයි.” යනුවෙන් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan