*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශක්තිමත් කළ නව වයි -12 (Y- 12) සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ , ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (05) දිවයිනට පැමිණෙන ඇත.

මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන අතර මානුෂීය මෙහෙයුම් සමයේදී මෙම ගුවන් යානාවන් මගින් සෙබළුන් හා භාණ්ඩ ප‍්‍රවාහනය සිදුකරනු ලැබු අතර වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුමි ඇතුළු යුධ අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලබන අතර දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතාවයන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව ද ඇත.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිම සදහා වත්මන් ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරගෙන යනු ලබන සැලසුම්ගත ක‍්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මෙම නව ගුවන් යානා ද්විත්වය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්කර ගැනිම දැක්විය හැකි බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan