බංගලාදේශයෙන් හොඳ පිළිතුරක්…

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 08 ,(LNW) කොළඹ :

අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා සහ බංගලාදේශ කණ්ඩායම් අතර පැවත්වෙන තෙදින තරගයේ දෙවන දිනය නිමා වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටිනවා.පළමු දිනය නිමා වන විට රෙහාන් පීරිස් නොදැවී රැස් කර ගෙන තිබුණු ලකුණු 139 ආධාරයෙන්,ශ්‍රී ලංකා ඉණිම කඩුලු 7 ට ලකුණු 286 ක් ව පැවතියද දෙවන දින ආරම්භයේදීම රෙහාන්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉණිම ලකුණු 304 ට සීමා වුණා.පන්දු යැවීමේදී අබිදූර් රහීම් ලකුණු 53 ට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රි ලංකා පිතිකරුවන්ට පිඩනය ඇති කළ ප්‍රධානම බංගලාදේශ පන්දු යවන්නා විය.


පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශ ඉණිම සාර්ථක කරන්නට දායක වෙමින් ඇඩිරිටෝ ගෝස් (87) සහ රිඩෝයි හසන් (55) දෙවන කඩුල්ල වෙනුවෙන් පැවත්වූ ලකුණු 139 ක සබඳතාවය නිසා බංගලාදේශ ඉණිම ඊයේ දිනය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 231 ක් ලෙස සටහන්ව තිබුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කිත්ම විදානපතිරණ ලකුණු 35 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.


අද දිනය තීරණාත්මක වන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට වැඩි ඉඩක් තිබෙනවා.එහෙත් තරගයේ පළමු පැය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංගලාදේශ ඉණිම හමාර කරන්නට හැකි වුවහොත් තරගය වීවෘත තරගයක් බවට පත් කරන්නට වේගවත් ඉණිමක් හරහා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය උරගා බැලිය හැකි වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...