දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු ජනාධිපති ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් පසුගිය සතියේ රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේදී ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් දකුණු කොරියානු නඩු පවරන්නන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් යූන් දෝෂාභියෝගය ඉදිරිපත් කරමින් කියා තිබුණේ, ආරක්ෂක අමාත්‍යවරයා හදිසි යුධ නිනිය පැනවීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර බවයි.

පසුගිය බදාදා(04) ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් සිය ඉල්ලා අස්වීම භාර දුන් අතර ඔහු මෙම යුද නීති ප්‍රකාශයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ.

මේ වන විට සුළුතර විරුද්ධ පක්ෂ තුනක් විසින් ජනාධිපති යූන් සුක් යෙයෝල්, හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් හා යුධ නීති අණ දෙන නිලධාරි පාක් අන්-සුට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් පැමිණිල්ලක් ගොනුකර ඇති අතර මේ සමබන්ධයෙන් වාර්තා කරමින් යොන්හැප් පුවත් ඒජන්සිය සඳහන් කර තිබුණේ, කිම් යොං-හ්යුන්ට එරෙහිව විමර්ශන කටයුත්තක් සිදුවන බැවින් ඔහුට සංචාරක තහනමක් පැනවෙන බවත්, පොලිසිය විසින් ඔහුගේ නිවාස හා කාර්යාලය වටලා ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් කියන දේ වරදක් නැහැ – පේරාදෙණියේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් කරුණු දක්වයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වර්තමාන රජයේ ආර්ථික මොඩියුල තුළ සියලුදෙනා අන්තර්ගතවන...

ඉල්ලියාස්ගෙන් ඩේවිඩ් කැරිජිට අභියෝගයක්.

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම!

උපාලි කොළඹගේ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත්...