රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW :
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොලක, ඊයේ (07) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයකට මුද්‍රා තබා තිබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය හමු වී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අදාළ සත්ත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර, එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසයි.
අද (08) දිනයේ එම මස්වල සාම්පල රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.
